Tuesday, June 2, 2020

පඩි පෙළ

ඉනිමග දිගේ ඉහල නැගගියාට
ඉනිමග බිම හිටියනේද
පඩිපෙළ මත උඩ ගියාට 
කන්ද දිගට තිබුන නේද 

තැනින් තැනට අත් වාරුව 
උදව්වටත් තිබුන හැමට 
ඔරුපාරුත් මතහිඳගෙන 
ඉඳහිට තිබු තොටුපොළ වල
 නැවති නැවති එතෙරවලා 
ගඟෙන් එපිටැ  ගොඩට වෙලා 
බැලුවා ආපසු හැරිලා 

ගඟ ගලනා නිසොල්මනේ 
ඔරුව මතින් කෙනෙක් පෙනේ 
පඩිපෙළ මත හිදිමින්නේ 
මහපිරිවර පැමිණෙන්නේ 

අත්වැටටත් වාරුවෙමින් 
එකින් එක්ට මාරුවෙමින්
ඉනිමග මත එල්ලෙමින්
සමහර අය හෙමින් ගමන්

වහල උඩදි හිරු එළියත්
කන්ද උඩදි සුදු දසුනත්
ගඟෙන් එතෙර මහපුරයත්
වින්දේ නෑ ගුරුවරුනුත් 


No comments:

Post a Comment