මහා ග්රන්ථ කාව්‍යකරණයට එතැනින් අත්පොත් තැබිනි. බොහෝ කාරනා හිතේ හටගත් කළු ස්ථම්භ බැව් නොඅනුමානය.
කාලයෙන් කාලයට ආ කතන්දර වන්නේ,
පොඩි ලමයා හෙවත්, අසූව දශකයේ මුල් භාගයේ සිදුවූ කළු ජූලිය නිසා ජන සමාජයේ වූ සිත්තැවුල් සහගත බව ඊට පසු ඉපැදුනු පොඩිඋන් ගෙන් නිරූපනය වන බවයි, ඒ උන් ඊට වසර දෙක තුනකට පෙර ඉපැදුනු උන්ට වඩා කුඩාවිමයි, හැබෑමයිනෙ උන් සන්සන්දනාත්මකව පොඩිබව එකට සිටගත් විටිම පසක් වෙයි.
එතැනින් නොනැවතී ඉදිරියට ගිය විට එළැඹන්නේ කරුවල ජරමර නොතොත් අනූ ගනන්වල මැද භාගයේ සිදුවූ විදුලි අර්බුදය සිදුවීම යි. කතන්දර කාරයින්ට දැනුනේ ලයිට් හෙවත් ආලෝකය නැතිවීම පමණි, අඳුරේ නම් කුමක් කරම්හයි, යානතම් පොත්තෙන් එළියට ආ කාලයේ වෙන කුමක් උපකල්පනය කරන්නද? තවත් මාස නවයක් ගතවත්ම සිදුවීමට තිබෙන ජන සංඛ්‍යාවේ සීග්‍ර වර්ධනය නුවනැසින් දුටහ.
පිස්සු පීකුදු සමාන ක්‍රිකට් ලොක කුසලාන කාලයේ සංශේචනය වූ උන් ක්‍රිකට් විශිෂ්ටයෝ වියයුතුබව පිළිගත් වාක්‍ය රචනය වීම කිසිවෙක්ට වැලැක්වීමට නොහැකිවිය.
ඒ උන් ලොකුවූ කල වසංගත රෝගයක් පැමිණ නිවාස අඩස්සියට පත්වූ පසුත්, පරණ කඩදාසියෙන් එපිටට සිද්දිය විවරණය උගහටය, කතා කරුට හෝ පාඨකයාට බුද්ධි ගෝචර නොවූ කාරනා කතා හරයේ කිසිදින නොගෑවෙන ප්‍රතිඵල ලෙස, ඔපරේෂන් කෝවිඩ් දහනවය නම් නැවත වැඩට යන සියළුම කාන්තාවන් ගර්භණී මාතාවන් වීම නිසා ඒ පිළිබඳව රජයේ අවධානය යොමුවීම මැනවි,
ඒ අතරේ ස්වභාවික ආපදා ලෙස අලුත් උපත් පාලන සංසිද්ධිත් සිදුවනවා නොඅනුමාය,
" මගේ උගුර ටිකක් රිදෙනවා !!!"
දියාරු දිනපොත
No comments:
Post a Comment