Saturday, September 30, 2017

නිහඬ

අසා ඇතිද
නිහඬතාවයේ හඬ,
තොරතෝංචියක් නැති
යකාගේ කම්මලට
විරාමයක්

සිත තුලින්, ගත තුලින්
බුර බුරා නැගෙන
වෙන හඬක් නොමැති කල
කනේ ගැඹුරින් ම
ඇසෙන්
ශුන්‍යයයේ අදෝනාව

මුළුමනින් හිස් වූ
මුනින් අත හැරවූ
කළගෙඩියක්
වාතයත් නොමැති විට
තට්ටු දැමුවාට ඉන් හඬක්
නැගෙන්නේද

අපට නෑසුන පමණින්
එහි හඬක් නොනැගේද
නැගෙන කම්පන තරංගය
නිහඬබව පසාරු කර
විහිද යයි නොඇසීම
සවන් දෙනු
නිහඬතාවට
ඇසෙනුඇත
ජීවිතයේ ගැඹුරු
හඬ.

No comments:

Post a Comment