Saturday, September 16, 2017

විජිත

විජිත අබේරත්න
කාලයකට පසුව මුනගැසුන විශිෂ්ට චරිතයක්,
මුලසිට අගටම සරලව දැනුමෙන් සන්නද්ධ පුද්ගලයන් හිග කාලයක
සේවා ස්ථානයේ සියළුම විශය පතයන් හා ක්‍රියා පටිපාටි ඉතා හොදින් දැසිටි අයෙක් විනි.
අනෙක් විශිෂ්ඨත්වය වූයේ කෙතරම් අසීරු අවස්තාවදී වුවත් පවත්වන සාමකාමි පැවතීමත් හා  සිනහවත් වේ. එය කිසි කෙනෙක්ට ලෙහෙසියෙන් ලබාගතහැක්කක් නොවේ.

ප්‍රසිද්ධියේ අදහස් ප්‍රකාශ නොකලද, මධුවිතකදී යෙදෙන පිළිසදරේදී ඉතා නිවරදව පවතින තත්වයන් ගැන හා ඊට අවැසි විසදුම් ප්‍රකාශ වේ. බොහෝ කලමණාකරුවන්ට එම දැනුම හා විචක්ෂණ බුද්ධිය ඇතිනම් මේ තත්වය මේතරම් අසීරු නොවෙත්.

ඔහුව නිවැරදිව තලා පෙලා සාදා තවදුරටත් දියුණු නොකිරීම සාපරාධී ක්‍රියාවකි, ඒ මන්දයත් ඔහු දැනට කාලයකට පෙර සිටම සිටින තත්වයේ සංතෘප්ත වී සිටි බැවිනි. ( මෙය ඔහුගේ පසුබෑමක් වුවත් ඒ සදහා නිසි ක්‍රියාපටිපාටියක් නොවිණි)

මාගේ කල්පනාවෙ හැටියට විජිතට තව දියුණු කරගත යුතු ක්ෂේත්‍ර ගනනාවක් ඇත. ඊට කලින් ඇති දැනුමත් හැකිවාවනුත් ටිකක් ඔපමට්ටම් කලයුතුය

සේවා ස්ථානයේ සිදුවූ නොවූ දේ කතාබහට නොගෙනෙම මම සුභපතමි

ඔබට ජය!

(ලග නෙ ඉන්නෙ set වෙන්න පුළුවන් )

No comments:

Post a Comment