Saturday, September 23, 2017

නිදහස

මා විසින් ම
අහේතුකව
අහිමකරගෙන
සොයමින්
තව තවත්
උගුලේම පැටළෙමින්,
තෙරක් නොපෙනෙන ලෙසට
ඈතටම ඈතට
ගොස් ඇත.

නිම් වලළු විහිදා
පැතිර ඇත අවිවේකය
අදුරේ ම හිද අදුරට
කිදාබැස
කවදා
කෙසේ
එළියක් සොයන්නද

මා විසින්
අසීරුවෙන්
මටම අහිමිකල

නිදහස !!!

No comments:

Post a Comment