මැණිකේ ඇඹුල ගෙනත්
ටිකක් පමා උනාම මොකැයි
හොඳ රස්නෙට
සැර පෙරටුව
ඇඹුලේ රස එමටැයි.
ටිකක් හිටින්
ඇයි මෙපමණ තදියම්
අම්ම බලයි ළමයින්
ඔහොම ලගින් ටිකක් හිටින්
නාගස් සෙවනේ
දිරණ කොට උඩ
ගොයම සිඹ එන
සිසිල් සුළඟ නොසෑහේද
මතකද මෙහෙමැ
කාලයකට පෙරාතුව
වැව් ඉස්මත්තේ
මැණිකේ මා එක්කල
ඇඹරි ඇඹරි හිටිය හැටිය
නාඹර ගැටිස්සිය
කැන්දාගෙන ආවවිගහින්
පොඩි එකාගෙ හීන් හඩින්
එළිය වැටිනි ගම පුරාම
උතුරා ගිය සෙනේ පොදි
තුරුලට ගෙන මා පුතාව
ගීගයමින් නලවන ඔබ
ගගුලැල්ලකි සදා ගලන
මැණිකෙගෙ මුදු හද මඩලේ
පුංචි ඉඩක් නැද්ද මෙමට
ආසයි පෙරදවසේ
මෙන් සැනහෙන්නට
ඔබෙ උකුලේ!
නොනිමි කවිය!!!!
No comments:
Post a Comment