පසුකරමින් උස ගොඩනැගිලි මහ නගරපුරේ
කන් නෑසෙන මහ ඝෝෂා අතර තුරේ
නලා හඩක් පිඹ පිඹ දමමින් හැමටම දෝස්මුරේ
බසයක් ඇදුනයි වැනි වැනි මහ වීදි පුරේ
මහ පාරේ බස් රථ පෙළ අතරින්නේ
තෝරා ගතිමි හෙමින් ඇදුනු බස් අදුනේ
ඔහේ වාඩිවී මග දෙපස බලමින් යන්නේ
කාලයකට පසුව උවත් එහි සැනසුම මට දැනුනේ
හිරිකඩ වැටෙයි කව්ලු පියන් පත් අතරින්
මලකඩ ඉහිරෙයි හිදහුන් අසුන තුලින්
රෙදිකඩ අතේ රැගෙන විත් නොමැතිකමින්
දහඩිය පින්න් හා එක්වී රූරයි කෙස් අතරින්
සැමදා මෙලෙස පුරවා පොල් ගොඩයි
පුරවන තරමට අතමිට සල්ලි ගොඩයි
සෙනග මද වැසිබර දින සිත් පිනවයි
හොද ගමනාගමනයක් නම් අපට දුරයි
No comments:
Post a Comment