කුට්ට රෝගියා
ගින්දරේ උණුසමට
ලද සුවය,
සැපය යැයි සිතා
සුව ලබයි මොහොතක
තුවාලය කැසීමෙන්
ලද සුවය,
සැපය යැයි සිතා
සුව ලබයි මොහොතක
දිගින් දිගටම
සැප ලබා,
සුවය වේදනාවක් වී
දුක ලබයි
තව මොහොතකින්
දින පුරා මෙහෙය කර
සයනයට වන් විට
විඩා නිවා
සුව ලැබෙනවිට
අනෙ සැපයැයි
සිතිනි මට
සිහිවූයේ නිතැතින්ම
නිරාමිස සුවයමය
සදාකාලික සැපය ඇති
විගහටම තැත් දරමි
මේ දිවියේ ම ලබන්නට
No comments:
Post a Comment