Sunday, September 3, 2017

ගබ්සාව

මේ දිනවල ලැව් ගින්නක්සේ කතාවන ගබ්සාව නීතිගත කිරීම  ගැන මගේ අදහස ඉදිරිපත් කිරීම  කාලීන අවශ්‍යතාවක් ලෙස සලකමි.
මෙහිදී මූලික කරුණු 4ක් ගෙනහැර දක්වමි,

1.  මම පෞද්ගලිකව මෙම නීතිගත කිරිම සාදාරණීකරනය නොකරමි
2.කලලය විනාශ/අජීවී තත්වයක නැතිනම් මෙය සත්ව ඝාතනයකි
3. නීත්‍යානුකූල කලද නොකලද හොදින් හෝ නරකින් ගබ්සාව අවැසි කෙනා එය සිදුකරගනිත්
4. රටේ ගබ්සාව නීතිගත කිරීමට වඩා වැදගත් හා කාලීන අවශ්‍යතා ඇත

1ගබ්සාව ගැන අදහස් දක්වන්නෝ බොහෝවිට කරනුයේ කාන්තා අවශ්‍යතාව හෝ හිංසනය ගැන කථා කිරීමත් පිරිමි ප්‍රජාවට දොස්නැගීමත්, තම අදහසට විරුද්ධවාදීන්ට හඹාගොස් පහර දීමත් ය
මෙය පිළිබඳව ව්‍යක්තව හා පුළුල් ලෙස කථා කිරීම වටී. මේ සදහා ආගම් සම්බන්ද කිරීම  වැරදි කරුනකි.
වෛද්‍යවිද්‍යානුකූලව හැරුණු විට ගබ්සාවේ හොදක් නොදකිම. බහුතරයක් පිළිගත්තද, නීතිගත කලද වැරදි දෙය නිවැරදි වන්නේ නැත.
රටක් ජනතාවක් ලෙස ගත් කල සිදුවියයුත්තේ ගබ්සාව නීතිගත කිරීම නොව ඒ පිළිබඳව පුළුල් අවබෝධයක් හා අනවශ්‍ය ගබ්සාවන් වැලක්වීමයි. මේ සදහා සාමාජීය දැනුම වර්ධනය හා විනය වර්ධනය අවැසි වේ.
2. ආගමික වශයෙන් ගත් කල මෙය සත්ව ඝාතනයකි. කලලයේ ජීවය පවතී විද්‍යානුකූලව ද එය සැකයකින් තොරව ඔප්පුකොට ඇත. ඒ නිසා මොනයම් හේතූන් මත සිදුකලද මෙය සත්ව ඝාතනයකි !

3. මෙරටේ ගබ්සාවන් බොහෝ තැන්හි සිදුකරත්. බෙහෙතෙන් හෝ ඉවත් කිරීම්න් එය සිදුවේ. රට තුල දිනකට සිදුවන ප්‍රමාණය හැබැහින් දුටුවිට තිගැස්මකට ලක්වේ.
පුළුවන් එකා සිංගප්පූරුව ගොස් වැඩේ කර ගනීවි. නැත්නම් ප්‍රසිද්ධ පෞද්ගලික රෝහලකදි, අනෙක් උන් හොර මධ්‍යස්ථාන පිහිට පතයි. අවසානයේ සියල්ල සිදුවී හමාරය.

4. මෙහෙව් රටේ කලයුතු නොකලයුතු බොහෝ දේ තිබියදී ගබ්සාව නීතිගත කිරීම පෙරට පැමිණීමත්, සාකච්ඡා ඒ දෙසට යොමුවීමත් හාස්‍යයට වඩා බියජනක කරුණකි.
රටක් ජාතියක් ලෙස අමු අමුවේ ගබ්සාවකට ලක්ව යන මෙවන් මොහොතක ගබ්සාව නීතිගත කිරීම හා ඒ ගැන සාකච්ඡාව ලෝකයක් හිනස්සන වැඩකි.
ගබ්සාව නීතිගත කර අහවර වනවිට ගබ්සාව කරගැනීමට කාන්තාවන් සිටීවිදැයි සැකසහිතය.

No comments:

Post a Comment