නව ඉරක් පායා අරුනළු අහසේ
ඉඩක් කඩක් නෑ ළපටි තරු රෑනට
විටින් විට ඈතින් ඉද තරු බිස්සේ
නැත ඉඩක් මුමුනමින් කල කතාවට
වසත් කාලය එළඹී
තුරු ලතා මලින් බරවී
දේදුනු සිරිය ගන්වී
දෙහදක් පිළිදන්නට සිත්වී
ශිශිරයේ පීපුණු
කුඩා හතු කුළුණු
නොතබාම ලකුණු
පරවිය අතු ඉරුණු
පාළු අදුරු අමාවකට
කාත් කව්රුත් නැති වෙලාවකට
එන්න ක්ශිතිජයේ කොනකට
මම එන්නම් කතාවකට
No comments:
Post a Comment