Wednesday, September 20, 2017

ඇය සහ වෛද්‍යවරිය

ඇය තාවකාලික රෝගියකි
මැය ස්ථිර සේවයේ වෛද්‍යවරියකි
වේදනවත්
වේදනා නාශකයත් ඔවුනොවුන්
එක්නෙකා මුණගැස්විණි.

කටු, බෙහෙත්
එන්නත් කෙරිණි
වේදනාව එසේමය

මැය ඇගේ අත අල්ලාගෙන
පිරිමදිමින් සිටියහ
අත දිගේ මානුෂීය සහහනය
දෝරෙගලා ඉතිරිනි

බෙහෙතෙන් නොලද සහනය
පිරිමැදුමෙන් නිසැකවම ලදහ.

No comments:

Post a Comment