Tuesday, November 30, 2021

රාජකාරියක්

අනේක රාජකාරියක්
පැහැරුණු වගකීමක්
ඉහලික් උපදෙසක් 
කුමක් කරම්ද
උණුවෙන හදවතක්

Monday, October 25, 2021

දෝනි

මගේ පුංච් වට්ටක්කා ගෙඩිය, 
රැවුල් කොට ඇනිලද ඔය වඩිය

වට්ටක්කා පොතු හයිය වැඩිය
හිනායන්නෙ කොහොමෙයි  ඔයිට වැඩිය 

මගෙ හීන උඹ ගාව 
මං යන දුර ඈත 
සමහර විට ලඟ පාත
නාවොතින් ඇල ගාව 
රැගෙන යනු මැන හීන.



Thursday, October 14, 2021

අමාවක

හිරු නැගුණු වසන්තයක 
අදුරු වලා 
සැඩ සුළං අමාවක 
ඉණ්ද්‍රකීලය සුණුවිසුනු කල

රාත්‍රිය එඹියේ 
පුණ්සදේ රැස් වලල්ලෙන් 
ලොවම නැහැවී 
රෑකුමාරි මලින් සුවඳවත්වූ

සඳ විසිරී තරු ඈඳී 
ඝණ අඳුරේ මල් සුවද එලෙසමයි 
අද අමාවක සඳ 
සුභ රාත්‍රියක් ඔබට 

Saturday, September 11, 2021

පරණ photo

පරණ photo 

කාලයත් සමග වයස් ගත වන විට සිද්දවෙන ශාරීරික වෙනස්කම් අතර පෙනුම කෙනාගෙන් කෙනාට වෙනස් වීම වනස් ස්වරූපයෙන් විද්‍යාමාන වේ. 

තට්ටය හා දුගු කොණ්ඩෙ සරළතම උදාහරණ වේ. තරුණ අවදියේ කෙසඟ සිරුරට හිමිකම් කී බොහෝදෙනා තාර බැරල් බවට පත්වනේ ප්‍රමාණයෙන් හා පැහැයෙන් යන පරණ photo වීම කාලයක් ප්‍රෙහේලිකාවක් වී තිබිණි. 

මා දැන් මැදිවියට පැමිණ ඇත 😯 එහෙමෙයි !!!! හරිය ඒවා වැඩක් නැතිය. 

කාලය ගතවුනත හිතේ පවතින්නේ කුඩා කලෙ හෝ පාසල් කාලෙ හිතේ කෙටුනු රූපයටයි. කාලයකට නැවත මුණගැහුනාම කියන්නෙ උඹ වෙනස් වෙලානෙ කියල, හැමෝම හිතින් ආදරය කරන්නෙ පරණ පෙනුමට 

මට මුණගැහෙන අයට  බොහෝවිට  කියන්න වෙන්නෙ වෙනස් වෙලා කියල නෙවෙයි අඳුන්න බැරිඋනා කියල. ඒ තරමටම පරණ පෙනුම එක්ක මම බැඳිල ඉන්නෙ. 

මේක මතක් වෙන්නෙ, අද දැක්ක පරණ photo  ටිකක් නිසා. 
අද වනවිට  profile picture  එකේ පොඩි  mod ගතියක් එක්ක පින්තූර දාල තිබුණත් මගේ හිතේ ඉන්නෙ අර පරණ උන්ම තමය. බාගවෙලාවට මම තවම අතීතයේ ජීවත් වෙනව වෙන්න පුළුවන් 

ඒ පින්තූරෙ අවසර නැතුවම පලකරනව 

Friday, September 10, 2021

බොස් හා සේවකයා

බොස් හා සේවකයා
කාලාන්තරයක් උපකොන්ත්‍රාත් කරුවෙක්ගේ පාරිශවයේ රක්ෂා කිරීම නිසා නිදහස සීමාවූ ප්‍රමාණය හිතාගන්න බෑ. සෙක්කුවේ බැඳි ගොනුන් වගේ එකම වටේ නොනවත්වා වැඩ කිරීම පළමු අවශ්‍යතාවය විනි.
ඒමේ අතර යම් යම් විනෝදජනක කාරණා නොතිබුණාම නොවේ. ඉතා කුළුපග අයියා මලෝ, මාම බාප්ප  වගේම සීය මුත්තාගෙන් සැදුම්ලත් කණ්ඩායමක වැඩකිරීම බොහෝවිට අතිශය විනෝදජනක මෙන්ම අධ්‍යාපනික අවස්තාවක් විය.
කොන්ත්‍රාත්කරුවන්ගෙන් මෙන්ම, අයිතිකාරයෝ හා උපදේශන මහත්වරුන්ගේ නිතර ඝර්ජනයට පාත්‍රවූ අපි දිනක් මසක් හෝ අවුරුද්දක් තුල නිමකළ නොහැකි වැඩ කොටස් රාශියකට උරුමකාරයො වීමු.
එවකට අප සැමට තිබූ ගැටළු වූයේ මෙය කෙසේ කරම්ද හා අයිතිකාරයෝ හා උපදේශන  පාර්ශවයන් හරිම ලේසියෙන් වැඩදමා යන අතර ඒ සියල්ල අපවිසින් නිම කළ යුතු වීමත්ය.
පසුකාලීනව සමීකරණයෙන් අනෙක් පාරශවයේ වැඩ කරන කාලයේ තමයි තේරුම් ගියේ ඒකෙ තියන අමාරුව. 

ඊටත් එහාගිය උරචක්‍රා මාලයකට අසුවෙන්නේ දේශීය ව්‍යවසායකත්වයකට සේවය කිරීමත් සමගයි. අතිධාවනකාරි අවසන් නොවන එකිනෙකට සම්බන්ධ නැති වැඩ මාලාවක් උදේසිට මහා රාත්‍රිය එළඹෙන තෙක් ලැබෙන උපදෙස් ක්‍රියාත්මක කිරීමට කෙසේ වෙතත් ඒවා ගොගොනුකිරීමට වෙලාවක් වෙන් කිරීමට දිනකට පැය 48-50 ක් අවැසිය. අවසාන ප්‍රතිඵලය වූයේ අවුරුදු ගානකින් පමාවූ නිශ්පාදන ක්‍රියාවලියයි.
එකල්හි තිබූ ගැටළුව වූයේ මේ ආකාරයෙන් මෙතරම් වැඩ ප්‍රමාණයක් තනි පුද්ගලයෙක් කියන්නේ හා ගොනුකරන්නේ කෙසේද යන්නයි. 

ඒ සඳහා පිළිතුරු ලැබෙන්නේ පැදුරටත් හොරෙන් එතැනින් ඉවත්වගිය පසුවයි. ඒ කොන්ත්‍රාත්කරුවන් හා උපකොන්ත්‍රාත්කකරුවන් ගහන ව්‍යාපෘතියකට සම්බන්ධ වීමෙන් පසුවයි. 
රැස්වීමේදී උන් කරනා වැඩට අඩුපාඩු කීමත්, තව තවත් වැඩ හා සැලසුම් දීමත් පැයකින් හමාරකින් සිදුවන්නේ බ්ලේඩ් තලයකින් පැපොල් කපනවා වගේ ඉතා පහසුවෙනි. කල වැඩේ ගැන අඩුපාඩු පෙන්වීමත් උපදේශනයත් යන කාරනා කෙතරම් පහසු වීද යත් ගෙදර සිට ඇස් පියාගෙන රැකියාව කිරීමට හැකියාව ලැබිණි. වැඩේ කිරීමටත් බැනුම් ඇසීමටත් පාර්ශවයන් සිටීම මහා භාග්‍යයක්. 

ලෙඩේ උඩුදුවන්නේ අවශ්‍ය කරන කා‍‍‍‍ර්‍ය් නිසි වේලාවට හා ප්‍රමිතියට නොකිරීම හා උපදෙස් හා විධානයන් ක්‍රියාත්මක නොකිරීම නිසාය.

කටින් බතල සිටුවීම ඉතා පහසු කාරණයක්, පිට සිට බලා අදහස් දැක්වීම හා කාරිය කිරීම අහසයි පොළොවයි වගේ වෙනස්. 
ඇදකුද හොයන්නෙ නැතුව පොළොවට බැහැල ඇත්තම තමන්ගෙ දෑතේ වීරියෙන් අවශ්‍ය කරන කාරිය කරානම් තැන තැන කියවන්න අවශ්‍යතාවයක් එන්නේ නෑ වගේම රටත්, ජනතාවත් මෙන්ම තමනුත් මෙවන් අමාරුවක නොවැටී ඉන්න තිබුනා 

කටුසටහන 

Monday, August 23, 2021

නිර්මාණකරනය හා පාඨකයා

 නිර්මාණකරනය හා පාඨකයා 
රචකයා තම නිර්මාණයන්   ඉදිරිපත් කිරීමේදි පාඨක ප්‍රතිචාර බලාපොරොත්තු වීම අණුවන කමක් 
විවේචනය ඇගයීම් හොඳයි 
ඒත් නිර්මාණකරනයේ මුක්‍යාර්තය පාඨකයා පිනවීමම නොවේ 
බොහෝ දේ නිර්මාපකයා තමන් උදෙසාම කරන්නාවූ දේ බව මදක් කල්පනා කල විට පෙනී යන කාරනයක් 
පාඨකයා එන්නෙ පස්සෙ 
මේ බුකියෙ හරිම නොමග යවන සුළු මාධ්‍යයක් 
මොකද like, share comment 👍 වගේ සිල්ලර දේ පස්සෙ ගියාම රචකයා අතරමං වීම දෙආකාරයකින් සිදුවීම වෙන්න පුළුවන් 
එකක් පාඨක පිරිසක් නැති වී ම නිසා වෙන පශ්චාත්තාප හේතුවෙන්  නිර්මාණකරනයෙන් ඉවත් වීම හෝ  වැරදි කොමෙන්ටු හා trending නිසා නිස්සාර නිර්මාණයන් සමාජයට දායාද වීම යන ආකාරයෙන්. 
මේ දෙකම සුලබ සිදුවීම් 

තමා වෙනුවෙන් නිර්මාණකරනයේ යෙදෙන්න  

ජය!!!  

කටුසටහන 

Tuesday, August 17, 2021

Wonder - Simple yet Brilliant

 


Wonder by - R. J Palacio 

the book by R.J Palacio takes us through a a 5th grade academic year of a boy with deficiency in face with the complications during pregnancy. of cause it snot deficiency yet the writer have very well described the facts.

the main them of the story is kindness and the different perspectives of the same story. every story have two different sides, writer very nicely illustrates the different point of views in separate chapters through the main characters, not just illustrates but let the reader live the real character. by which the reader is starched through completely different feelings for the same incident. at a point when one is angry with Via in the next chapter you see what is really in her side, ultimately the reader is guided to see things in such a kind manner that neutral feeling to all the characters.


key point I see in the book are, in section science under Jack's chapter, the complete failure of the entire education system is illustrates as "fill our heads with all these stuff we will probably never need to know, like how to figure out the surface area of a cube .... I've never ever heard my parents say the word "kinetic" "  a requirement of a practical education system is emphasized 

last chapter "Julian chapter" which was added later publications has given the completely different perspective of the bad character "Julian" which I feel justified the character and the missing piece of other side of the story. but all the Grandma's old story was some dramatic additions which was kind of out of the line of the main story line 


overall the book is simple yet brilliant 

Friday, August 6, 2021

8

අගෝස්තුවේ  එක දවසක් 
හිම ❄ මිදෙනා කාලයක් 
වැටුනා පොඩි පොදවැස්සක්
මල් නිදනා හිමිදිරියක්

වසන්තයේ අග දවසක්
එළිය වැටුණු තව දවසක්
නොවැටුනාට හිරු එළියක්
උදාවෙලා නව දවසක්

96

මල් ගැවසුණු 
ගෙතූ කෙහෙරැලි

දැවටුණු සුමුදු අත්ලක

 නැවතුනා හද එක්වරක
ඔබ මුමුණනා ගී අතරක 
මම තවම ශිශිරතාරකා නින්දක

ඔරලෝසුවේ 🔋 බැටරිය විසර්ජනය වලා තත්පර කටුව ගැස්සෙනව, වෙලාව ගතවෙන්නෙ නෑ. ඒත් කාලය නැවතිලා නෑ
තවත් කොච්චර කාලයක් තත්පර කටට ගැස්සි ගැස්සි තියෙන්නද?

ජානූ! ජානූ !! ජානූ !!! 
මගේ හිතෙන් පිටවෙන එකම වචනය එපමණයි. 

"මම රාමා, රාමචන්ද්‍රන් ඔව් ජානුගෙ රාමා." 
අපි අන්තිමට හමූවුන, වෙන්වෙලා ගිය පාලම උඩ සුදු ඇඳුමෙන් සයිකලේ උඩ තවම මම ඉන්නවා.

උඹේ ලෝකයම කඩාදමල  නොකියාම යන්න ගිහින් ආයෙත් කිසිම දවසක ඇස් ඉදිරියට ආවෙ නැත්තෙ ජීවිතේටවත් සමාව ඉල්ලන්න බැරි නිසා. මාව ඒ ගින්නෙ 🔥 පිච්චෙනව ජානු.

ඔයාගෙ ගී හඬට මුසපත් වෙච්ච මීමැස්සෙක් වගේ මල් පිරිච්ච් වී කරල් වගේ ගොතල හැඩ උන කොණ්ඩෙ ට ලෝබ කමෙන් ඔයාගෙ හෙවනැල්ල උනා මම. ඒ බව නොසඟවා කියන්න මෙච්චර කාලයක් ගතවෙයි කියල කිසිම දාක හිතුවෙ නෑ ජානු.

මට නෙලාගන්න බැරි මල් කිනිත්ත, වෙනකෙක් නෙලා රිසියෙන් යන වෙලාව මට දරා ගන්න බැරි උනා මගෙ ජානු! මම ඈතට ඈතට හැකි වේගයෙන් දිව්වා. ගොඩනැහිලි, වැව් අමුණු,  ඇල දොල ගංගා, පසුකර මුහුදෙන් එතෙරට. 

උඹ අහිමි වීමේ පාපය දුක්ඃක දෝමනස්සයන් කඳුළු ගංගා වෙලා තවම ගලනවා. ඒත් අද, එක දවසකට ඔයා මගෙ ලඟ. ලෝකයට ඇහෙන්න කෑගහල කියන්න "මගේ ජානු මාගේ ලඟ" හිතුනත් ආදරේ ❤ කියන්න, නුඹ මගේ නොවන වග කෙසේනම් පවසන්නද මාහට. 

අපේ සිහිවටන ගොඩගැසුවෙමි, පරණ පෙට්ටගමක, ජීවිතය හංගලා දැම්ම මම ඇඳ යටට. 
ඔබේ ගමන ඔබ යන්න, වේලාව පැමිණ ඇත ඔන්න, අවසර දෙන්න මට නවතින්න, 

පෙට්ටගමට අලුත් මතකයක් එක් කලා ඔයාගෙ අලුත් ඇදුම්. පෙට්ටගම වහල දැම්ම ❤ හදවත නතර උනා එතැනම! 

 රාමචන්ද්‍රන් 

තවම තත්පර කටුව ගැස්සෙනව,  ජානූ

Monday, August 2, 2021

වෙරළ

වෙරළ 

කෑදර පාපතර 
වැටගසා කම්බිබැඳ 
අහිංසක වෙරළ 
අණසකට බැඳගෙන 

තැනින් තැන හෝටල් 
මුඩුබිමේ පොල් ගස්
පාර දිගේ මාළු දැල්
නොපෙනෙනා මහ මුහුද 

බෝතල් කටුසමග
ටින් කබල් හැම තැනක
ප්ලාස්ටික් කඳු ගහන 
වෙරළ ඛාදනයක මහිම 

Friday, July 30, 2021

කපුටා සහ කේජු කෑල්ල

කපුටා සහ කේජු කෑල්ල

මේ දින වල කතාබහට ලක්වන ගුරු අරගලය පිළිබඳව අතිශය පුද්ගලික කාරණයක් නිසා අද දින බුකියේ යම් අදහසක් අරභයා පෝස්ටුවක් පලකලෙමි.
තැන තැන විරුද්ධ වචනයක් දෙකක් සඳහන් කලෙමි.
එයට අටුවාටීකා ලිවීමට මෙය යොදා නොගන්නා නමුත් එක් කාරණයක් පැහැදිලි කලයුතුය, එනම් අරගලයට මගේ කිසිදු විරුද්ධත්වයක් නැති බවත් මෙන්ම ඊට  සහභාගි වන්නන්ගේ හා මාගේ පවුලේ උදවියගේ සෞඛ්‍ය ට ඉන් එල්ලවන තර්ජනය පිළිබඳව  මම අතිශය  භීතියට පත්ව ඇති බවත්ය.
ගුරුවරුන් දෙවිවරුන් වන්නේ සිසුන් තුලයි. ලෝකය කියා දුන් ගුරුවරු සැමදාම  සිත් තුල ජීවමානව වැඦබෙත්. ගුරුගෞරවය භක්තිය තිබුණත් අප තේරුම් ගතයුතු කාරණයක් වන්නේ  ගුරුන්ද අප වන් සාමාන්‍ය පුද්ගල කොට්ඨාශයක් බවත් හා අනෙක් අයවලුන් මෙන්ම ඕනෑ එපාකම් / හොඳ නරක සම සමව පිහිටා ඇති බවත් ය.
එසේ ගත් කල ගුරුවරුන් ද වෘත්තිය වේදීන් පිරිසකි. වෘත්තිය ගැටළු වගේම අරගල කිරීමට අයිතියක් ඔවුන්ට ඇත. එය අවිවාදයෙන් පිලිගත යුතුයි. 
සමාජයේ සුවිශේෂී කාර්‍ය්භාරයක් ඉටුකරන ගුරුවරුන් ඉශ්ටදේවතාවන් ලෙස සලකන පාට කණ්නාඩියෙන් ගුරු අරගලය දෙස බලන්න යාමෙන් සිදුවන්නේ දෙවියන් රාක්ෂයෙකු වීම හෝ පාලනතන්ත්‍රය දෝශදර්ශනයට ලක්වීම පමණකි.
සියළු ගුරුවරුන් ට අවශ්‍ය වන්නේ සිසුදරුවන්ට ඉගැන්වීම් හා ඔවුන් ලබන තෘප්තිය එය පමණක් ම යන කාරණය මම තරයේ විශ්වාස කරමි. 

ගුරුවරුන් වෘත්තියවේදීන් ලෙස ගත්කළ අවුරුදු 24 ක් පරණ ගැටළුවක් මේ මොහොතේ නිවැරදි කරන්න යාම කාලොච්ත ද යන්න හරිම ජුගුප්සාජනක කාරණයක්. ආර්ථික අවපාතයක් පවතින අවස්ථාවක එවන් ඉලක්ක සපුරා ගැනීමට නිසි හැකියාවක් ලැබීම ඇත්තේ අඩු ඉඩක් මෙන්ම මෙය පවතින තත්ත්වය උපයෝගී කරගෙන blackmail  කිරීමක් ලෙස යමෙකු හුවා දැක්වීමට හැකිය.
බෝවෙන වසංගතයක් උත්සන්නව පවතින සමයක ගාල කඩාගත් වස්සන්මෙන් හැසිරීම කෙසේනම් සාදාරණීකරණය කරම්හ.

ගුරුවරුන්ට නිකරුණේ නිග්‍රහ කර පව් පුරවා නොගෙන දැන් ඉන්නේ වෘත්තියවේදී දෙවියන් බව සිතා ව්‍යසනය කාලයේ විකෘති මනස සමතයකට පත් කරගතිම්.

කපුටාට කේජු කෑල්ලක් ලැබී ඇතිබව නම් පෙනෙන්නට ඇත. 

කටුසටහන 

Thursday, July 22, 2021

තාත්තා

ගුරුවරයෙක් වූ පියා ගැන පුතා කතාකිරීම අතිශෝක්තියට නැඹුරුවක් ඇතත් එය අතිශය පෞද්ගලික කාරණාවක් බැවින් ගෝලබාලයින් ඊට එකඟ වීමට හෝ නොවීමට හැකිය. 
අධ්‍යාපනය ගඟක් නම් එහි පාවෙන පාරු වන්වූ සිසු සිසුවියන් ගඟක් ගලන්නාසේ පාසල, මෙන්ම නිවසද උතුරා පිටාර ගලා යනව ආකාරය කුඩා සන්දියේ සිට මටද නැගණියටද සුපුරුදු දසුනක් විය.
දියේ ගැඹුර හරිහැටි කියාදී එහි නොගිලෙන ලෙසට  පියෙක් මෙන් අතෙන් අල්ලගෙන පාකරල දුර ඈත ගිය දක්ෂයෝ කොතෙකුත් වෙත්, ඔවුන් යෙහෙන් වැඦබෙත්. 
කලක් ගිහින් ළමයින්ට ඉගැන්වීම කාර්‍ය්යට අමතරව ගුරුන්ට ඉගැන්වීමට තාත්තා යොමුවීම ගුරුගෝල පරම්පරා කිහිපයක් හා පුළුල් වපසරියකට ඒ සෙවනැල්ල වැටීම රටේ මහා භාග්‍යයක් විදිහට දකිමි. 

විශ්‍රාමික දිවියට ඇතුලත් උනත් ගුරුවරුන් කිසිදා විවේකයක් නොගන්නා බවට ජීවමාන සාධකයක් වේනම් ඒ මා පියා වෙත්. කොරෝනා සමයේ අහලපහල නන්නාඳුනන කොළු ගැටයින්ට කතා කර ඉගැන්වීම් කා‍‍‍‍ර්‍ය්යයේ යෙදුනේ අවදානම ගැන නොසලකමින්.

තාත්තා පියෙක් ලෙස කරන්නට කියන්නට ඇතිදෑ දැන් පෙනෙන්නේ මිණිබිරියන් තිදෙනාට කරන කියන දේවල් වලිනි, සීමා මායිම් රහිත එවන් ආදරයක් ❤ කරුණාවක්, රැකවරණයක්, නොවෙනස් දයාවක් දෙනෙතින් දැක්කානම්, ලොවේ ඇතිනම් අත්දුටුවානම් ඒ තාත්තගෙන් දැනුදු අපි දෙදෙනා අත්දිටිමු. ජීවිතයේ කිසි දිනක ඒ ආසන්නයට හෝ  යන්නට මා හැකිවුවහොත් එය මහා පිම්මකි.

තාත්තා ගේ ඉගැන්වීම හුදෙක් පොතට පතට සීමා වූවක් නොවේ, මා කුඩාකල ඉගැන්වීම් කලේ බොහෝවිට පයින් ගමන් යන අවස්තා වලදීය. ජීවිතය, පරිසරය, මිනිස්සු, මානවදයාව, ඉස්සර ජීවිතය හා සමාජය නිතර කතාවූ මාතෘකාව විය. පරණි බස්නැවතුම් මැද කොරිඩෝවේ තනියෙන් යන්නට කියා දී දුන් අත්දැකීම් ජීවිතයට මහත් පිටිවහලක් විය. 

දාර්ශනික අදහස් වලින් පිරිපුන් තාත්තා මගේ උපන්දින පින්තූරයක්  පිටිපස මෙලෙස ලියා තිබුණා 

"සිතූදේ කරන්න - ඔබ වීරයෙකි, 
කලහැකිදේ පමණක් සිතන්න - ඔබ බුද්ධිමතෙකි" 

සුභ උපන්දිනයක් තාත්තා 
සත්‍යාවබෝධ වේවා !!!



Monday, July 19, 2021

අනන්තයට යන

නැට්ටුක්කාර හිවලුන්
විසේකාර නෑම්ඹියන් 
පෝතක් දෙසන්නන්
පිරිවරාගත් ජඩයින් 

ජේත්තුකාර මහතුන්
හැඩකාර නිළියන් 
වියත් කතිකයින් 
සභා මැද වියතුන් 

ගල උඩ උන්  මහ නරියන් 
කබරගොයා හෙංචයියන්
නීතිවේදි ගොං බානෙන් 
ගොළුබෙලි  ගමනින් 

රෝද නොමැති ගැලක් අදිත් !!! 

Friday, June 25, 2021

පාට

සුදු පිටුවක, 
තනි ඉරකින් 
කළු සුදු වෙන් කරල
ඉර මැකිල ගිය කාලෙක; 

කළු සුදු මිනිස්සු අතරේ 
දම් පාට කෙස් තියන 
තැඹ්ලි පැහැ මිනිස්සු 
අමතක කරපු කාලයක් ! 


කටුසටහන !!!

Friday, June 18, 2021

procrastination හෙවත් කල්දැමීම

Procrastination හෙවත් කල්දැමීම 

මේ කියන්න යන්නෙ උක්ත මාතෘකාව ගැන නෙවෙයි, ඊට ප්‍රථිවිරුද්ද අදහස ගැන 
Procrastination කියල වචනය ඇහුනට අද තමයි තේරුම දැනගත්තෙ, අන්තර්ජාලයෙන් හෙව්ව ඊට විරුද්ධ පදය Anticipation කියල තිබුණා ඕං.

වැඩිමනත් සැලැස්ම කියන එක Martin Luther king Jr ටත් තිබුණා ලු 
ලෝක ප්‍රසිද්ධ ඔහුගේ කතාව ඔහු කලින් දා රාත්‍රිය නිදිවර්ජිතව සකසලා අවසාන මොහොතේ දීත් වෙනස්කම් කරාලු. අන්තිමට නැගිටල ගිහින් තියෙන්නෙ කොලේ අමතක කරල. සුප්‍රසිද්ධ "I have a dream " කිසිදු තැනක ලියල තිබුණු  නැති වාක්‍යයක් 

අදාල සිද්දිය වෙන්නෙ මට අවුරුදු 5-6 විතර වෙන කාලෙ, මා පියා කාලයක් මහන්සි වෙලා උපයලා මෝටර් බයිසිකලයක් මිලට  ගන්නව. ඒ දවස්වල බණ්ඩාරවෙල ( ඔව් ඩොටේ තමයි ) අපේ විශ්වාසය ඔය වගේ අලුත් වාහනයක් ගත්තම කතරගම දේවාලයට ගිහින් බාරහාර වෙන එක. දැන් මේ බයිසිකල් පැදගෙන කතරගම යන්නයි සූදානම. 
යන්න සතියකට විතර කලින් පියා කොටුරූල් කොලයක් අරගෙන මොකද්දෝ ලියනව. 

හෙමිං කිට්ටු කරා ලඟට, අවදානයෙ වෙනසක් නෑ; හරි පිළිවෙළට ඇල ඉරි අඳිනව, නවත්තනව, ඉරි දෙක දෙක යාකරනව, ඔහොම කීපසැරයල් කරාම මම ත් පැනල එක කරන්න ගියා. 
වැඩේ එතැනින් නිමි.

ආයෙත් යන්න දවස් දෙකකට කලින් හැන්දෑවෙ අර සෙල්ලම තමයි. මම  ගොහිං අහපි මොකද කියල.

ඕං විස්තර කිව්වෙ මගෙ කුඩා මොලේ ට තේරුම් යන්න. ඒ කරල තියෙන්නෙ සාර්ථක අසාර්ථක වෙන එක ගැන පොඩි සසම්භාවී ක්‍රියාකාරකමක්, මතක හැටියට කිසිම ගනනය කිරීමක් නැතුව ඉරි ඇඳලා ඒව යුගල විදිහට සම්බන්ධ  කරාම එකක් ඉතිරි වෙනවනම් හිතේ තියන අදහස සාර්ථක වෙනවලු. 
හරිම මෝඩයි නේද? 
මේ 1986 අවුරුද්ද, ඩොටේ ඉඳලා කැලේට ( කතරගමට) මිනිස්සු යන්නෙ ඉඩම් පවරල දීල, එහෙව් කාලයක්, ඉන්දන පිරවුම් හලක් කතරගම ප්‍රදේශයටම තිබුනෙ එකයි, පාර හොයාගන්න  google map නෑ 
ලොරි බස්  රියදුරු මහත්තුරුන් ගෙන් අහගත්ත විස්තර විතරයි. 
ඉතින් එහෙව්එකේ, මගසැලසුම් හදාගත්තත් හිත හදාගන්න ඒවගේ කෙම් ක්‍රමයක් යොදා ගැනීම මටනම් හිතෙන්නෙ හරිම ආදරයක්. 

මොකෝ මමත් ඒ ගමන ගියානෙ !!!

හ්ම් අදට ඇති, ගමන් විස්තර පොඩි උන්ට කියා දුන්නු විදිහට පස්සෙ බලාපොරොත්තු වන්න.  

කටුසටහන