මේ දින වල කතාබහට ලක්වන ගුරු අරගලය පිළිබඳව අතිශය පුද්ගලික කාරණයක් නිසා අද දින බුකියේ යම් අදහසක් අරභයා පෝස්ටුවක් පලකලෙමි.
තැන තැන විරුද්ධ වචනයක් දෙකක් සඳහන් කලෙමි.
එයට අටුවාටීකා ලිවීමට මෙය යොදා නොගන්නා නමුත් එක් කාරණයක් පැහැදිලි කලයුතුය, එනම් අරගලයට මගේ කිසිදු විරුද්ධත්වයක් නැති බවත් මෙන්ම ඊට සහභාගි වන්නන්ගේ හා මාගේ පවුලේ උදවියගේ සෞඛ්‍ය ට ඉන් එල්ලවන තර්ජනය පිළිබඳව මම අතිශය භීතියට පත්ව ඇති බවත්ය.
ගුරුවරුන් දෙවිවරුන් වන්නේ සිසුන් තුලයි. ලෝකය කියා දුන් ගුරුවරු සැමදාම සිත් තුල ජීවමානව වැඦබෙත්. ගුරුගෞරවය භක්තිය තිබුණත් අප තේරුම් ගතයුතු කාරණයක් වන්නේ ගුරුන්ද අප වන් සාමාන්‍ය පුද්ගල කොට්ඨාශයක් බවත් හා අනෙක් අයවලුන් මෙන්ම ඕනෑ එපාකම් / හොඳ නරක සම සමව පිහිටා ඇති බවත් ය.
එසේ ගත් කල ගුරුවරුන් ද වෘත්තිය වේදීන් පිරිසකි. වෘත්තිය ගැටළු වගේම අරගල කිරීමට අයිතියක් ඔවුන්ට ඇත. එය අවිවාදයෙන් පිලිගත යුතුයි.
සමාජයේ සුවිශේෂී කාර්‍ය්භාරයක් ඉටුකරන ගුරුවරුන් ඉශ්ටදේවතාවන් ලෙස සලකන පාට කණ්නාඩියෙන් ගුරු අරගලය දෙස බලන්න යාමෙන් සිදුවන්නේ දෙවියන් රාක්ෂයෙකු වීම හෝ පාලනතන්ත්‍රය දෝශදර්ශනයට ලක්වීම පමණකි.
සියළු ගුරුවරුන් ට අවශ්‍ය වන්නේ සිසුදරුවන්ට ඉගැන්වීම් හා ඔවුන් ලබන තෘප්තිය එය පමණක් ම යන කාරණය මම තරයේ විශ්වාස කරමි.
ගුරුවරුන් වෘත්තියවේදීන් ලෙස ගත්කළ අවුරුදු 24 ක් පරණ ගැටළුවක් මේ මොහොතේ නිවැරදි කරන්න යාම කාලොච්ත ද යන්න හරිම ජුගුප්සාජනක කාරණයක්. ආර්ථික අවපාතයක් පවතින අවස්ථාවක එවන් ඉලක්ක සපුරා ගැනීමට නිසි හැකියාවක් ලැබීම ඇත්තේ අඩු ඉඩක් මෙන්ම මෙය පවතින තත්ත්වය උපයෝගී කරගෙන blackmail කිරීමක් ලෙස යමෙකු හුවා දැක්වීමට හැකිය.
බෝවෙන වසංගතයක් උත්සන්නව පවතින සමයක ගාල කඩාගත් වස්සන්මෙන් හැසිරීම කෙසේනම් සාදාරණීකරණය කරම්හ.
ගුරුවරුන්ට නිකරුණේ නිග්‍රහ කර පව් පුරවා නොගෙන දැන් ඉන්නේ වෘත්තියවේදී දෙවියන් බව සිතා ව්‍යසනය කාලයේ විකෘති මනස සමතයකට පත් කරගතිම්.
කපුටාට කේජු කෑල්ලක් ලැබී ඇතිබව නම් පෙනෙන්නට ඇත.
කටුසටහන
No comments:
Post a Comment