මල් ගැවසුණු
ගෙතූ කෙහෙරැලි
දැවටුණු සුමුදු අත්ලක
නැවතුනා හද එක්වරක
ඔබ මුමුණනා ගී අතරක මම තවම ශිශිරතාරකා නින්දක
ඔරලෝසුවේ 🔋 බැටරිය විසර්ජනය වලා තත්පර කටුව ගැස්සෙනව, වෙලාව ගතවෙන්නෙ නෑ. ඒත් කාලය නැවතිලා නෑ
තවත් කොච්චර කාලයක් තත්පර කටට ගැස්සි ගැස්සි තියෙන්නද?
ජානූ! ජානූ !! ජානූ !!!
මගේ හිතෙන් පිටවෙන එකම වචනය එපමණයි.
"මම රාමා, රාමචන්ද්‍රන් ඔව් ජානුගෙ රාමා."
අපි අන්තිමට හමූවුන, වෙන්වෙලා ගිය පාලම උඩ සුදු ඇඳුමෙන් සයිකලේ උඩ තවම මම ඉන්නවා.
උඹේ ලෝකයම කඩාදමල නොකියාම යන්න ගිහින් ආයෙත් කිසිම දවසක ඇස් ඉදිරියට ආවෙ නැත්තෙ ජීවිතේටවත් සමාව ඉල්ලන්න බැරි නිසා. මාව ඒ ගින්නෙ 🔥 පිච්චෙනව ජානු.
ඔයාගෙ ගී හඬට මුසපත් වෙච්ච මීමැස්සෙක් වගේ මල් පිරිච්ච් වී කරල් වගේ ගොතල හැඩ උන කොණ්ඩෙ ට ලෝබ කමෙන් ඔයාගෙ හෙවනැල්ල උනා මම. ඒ බව නොසඟවා කියන්න මෙච්චර කාලයක් ගතවෙයි කියල කිසිම දාක හිතුවෙ නෑ ජානු.
මට නෙලාගන්න බැරි මල් කිනිත්ත, වෙනකෙක් නෙලා රිසියෙන් යන වෙලාව මට දරා ගන්න බැරි උනා මගෙ ජානු! මම ඈතට ඈතට හැකි වේගයෙන් දිව්වා. ගොඩනැහිලි, වැව් අමුණු, ඇල දොල ගංගා, පසුකර මුහුදෙන් එතෙරට.
උඹ අහිමි වීමේ පාපය දුක්ඃක දෝමනස්සයන් කඳුළු ගංගා වෙලා තවම ගලනවා. ඒත් අද, එක දවසකට ඔයා මගෙ ලඟ. ලෝකයට ඇහෙන්න කෑගහල කියන්න "මගේ ජානු මාගේ ලඟ" හිතුනත් ආදරේ ❤ කියන්න, නුඹ මගේ නොවන වග කෙසේනම් පවසන්නද මාහට.
අපේ සිහිවටන ගොඩගැසුවෙමි, පරණ පෙට්ටගමක, ජීවිතය හංගලා දැම්ම මම ඇඳ යටට.
ඔබේ ගමන ඔබ යන්න, වේලාව පැමිණ ඇත ඔන්න, අවසර දෙන්න මට නවතින්න,
පෙට්ටගමට අලුත් මතකයක් එක් කලා ඔයාගෙ අලුත් ඇදුම්. පෙට්ටගම වහල දැම්ම ❤ හදවත නතර උනා එතැනම!
රාමචන්ද්‍රන්
තවම තත්පර කටුව ගැස්සෙනව, ජානූ
No comments:
Post a Comment