Monday, July 19, 2021

අනන්තයට යන

නැට්ටුක්කාර හිවලුන්
විසේකාර නෑම්ඹියන් 
පෝතක් දෙසන්නන්
පිරිවරාගත් ජඩයින් 

ජේත්තුකාර මහතුන්
හැඩකාර නිළියන් 
වියත් කතිකයින් 
සභා මැද වියතුන් 

ගල උඩ උන්  මහ නරියන් 
කබරගොයා හෙංචයියන්
නීතිවේදි ගොං බානෙන් 
ගොළුබෙලි  ගමනින් 

රෝද නොමැති ගැලක් අදිත් !!! 

2 comments: