ඩොං ගෑව
විදුලි බලය
බිදව්ටුනා!
හතරවටේ
මහඝෝශා
නතරවුනා.
නිස්කලංක
පරිසරයම
නිහඬ බවින්
මුදාහරින
කුරුළු නාද
කොල සෙලවෙන
මිහිරිනාද
පිරීගියා
සතර අතේ.
සිත් සුවපත්
කරමින්නේ
නිහඬ බවක්
රජයන්නේ
නිහඬ බවට
අයිති හඬත්
කෙසේ නමුදු
රැකගන්නේ
ඩොං ගෑව
විදුලි බලය
බිදව්ටුනා!
හතරවටේ
මහඝෝශා
නතරවුනා.
නිස්කලංක
පරිසරයම
නිහඬ බවින්
මුදාහරින
කුරුළු නාද
කොල සෙලවෙන
මිහිරිනාද
පිරීගියා
සතර අතේ.
සිත් සුවපත්
කරමින්නේ
නිහඬ බවක්
රජයන්නේ
නිහඬ බවට
අයිති හඬත්
කෙසේ නමුදු
රැකගන්නේ
හීන්සැරේ
කනට කොදුරා
සිත කිතිකවන
ඔබේ කටහඩ
අනන්තයට එහාමුත්
අත පොවන
මානයේමෙන්
හිත ලගට විත්
මියැදුණු සිත් සත
නැවතත් වාරයක්
අවදි කර
සිනහවෙන්
ලගට නෑවිත්
කිසිදිනෙක
හඩ පමණි
මගෙ ලග
තිඹිරිගෙයි
ගරාවැටුණු බිත්ති
එකිනෙක බිදවැටී
අවසන් මුල්ගලද
ගිලිහී වැටී
ඉගිල ගිය කුරුල්ලෝ
නැවත ගෙට එන්නට
අහේතුක සිද්දියක්
අනාගතේ දවසක
නොවෙනා හැඩක්
කෙලිපොඩ්ඩ
දැන් ටික ටික
ලොකුවනවා
තනියම ඉන්නට
ආසා වීලා
තනිපංගලමේ
කතා ගොඩයි
වැඩ ටික ඔක්කොම
කරගෙන යනවා
උදව් පදව් හෙම
අමතක වෙනවා
අතහැරී යන්නට මත්තෙන්
හනිකට හනිකට
තුරුලට අරගෙන
කතා කරනවා
Eminem, pitbull ඉතා අපහසුවෙන් අනුකරණය කරන ගොඩේ ගොං ( godebull) විසින් අවුරුදු වාරම් රබන් පද රැප් කරමින් රොක් කරමින් මහා සලාදයක් සාදමින් වමාරමින් කෑ ගසන ඝෝෂාව, අවට පරිසරයම කලබලයට පත්කරමින් පැතිරයයි.
මරලතෝනිදී කෑමොර දෙන කොහාගේ හඩ විටින් විට ඇසෙන්නේ තාලයට නව ජීවයක් ලබාදෙමිනි.
මේ තාලය කොයිබටද කියා සිතා ගැනීම අපහසුය. රටේ ඇති ජනගී ජනගායනා දැනට ආරක්ෂාව පවතින්නේ සිංහල අවුරුදු උලෙළේ අංගයක් ලෙසයි. රබන් තාල, ගායනා තාල, ගීත නිර්මාණ සදහා භාවිතා විය යුතුමයි එහෙත් එය Rock, metal යන සංගීත ආරයනට අනුගත කරගැනීම කෙතරම් ගැලපේද යන්න නුවණින් විමසා බැලීම වටී.
අයෙක් එය නිර්මාණාත්මකයැයි තර්ක කරනු ඇත. නමුත් ඉන් සිදුවන්නේ හානියක් නම් නිර්මාණාත්මකත්වයෙන් වැඩක් නැත. මට හිතෙන හැටියට සිදුවන්නේ විනාශයකි.
පුත්‍රයා විසින් තම මව විනාශ කරනවිට පවුලේ අය තප්පුලමින් විනෝද වන අතර නෑයෝ නිහඬව සිටින හැටියක් පෙනෙන්නට ඇත.
මේ පියගැටපෙළ
පඩියෙන් පඩියට
උඩටම නැග ගිය
හිනිපෙත්තේදී
එක් පිය ගැටයක්
ලෙසවත් මා දෙස
නොබලා පිටමං
නැවත නොඑන්නට
පඩියෙන් පඩියට
මුළු පියගැටපෙළ
මා පමණක් විය
කිසිදා නුදුටු
නාඩගම අවසන්
තිරය වසා
වේදිකාව අදුරේ ගිලී
නාටිකාංගනාවෝ
වෙස් තට්ටුව අතහැර
නිදිලොවේ
සිරියහනේ
නිශ්පාදක
නිදැල්ලේ
ඊලග දර්ශනය
සැලසුමේ
ප්‍රේක්ෂකයෝ
පහන් කනුව යට
තවමත්
හාමතේ
ඔවුනොවුන් පරයා
නාට්‍ය විමසුමේ !
මහ මෙරක් වන්
හිස බරින් ඇති
නිමක් නැති
වැඩ ගොඩක්
ඒ වැඩත් අතරින්
විටක්
ඒ හෙළූ
ඔබේ සෙනෙහස
මදිවුනා නොවේ.
කඩිගුලක් වන් උදේ
කෑමක් උයා
මුලකුත් තබා
හනි හනිකට
දිවගියාට
ඔබෙ සෙනෙහස
නොදැනුනා නොවේ
රැයත් රෑ වී
වැඩත් නිමවී
දෙපා වාරුත් විටින්
නැතිවම
ගෙයට බට විට
ඔබේ සෙනෙහස
නොලැබුනා නොවේ
එදා වාගේ
අදත් හෙටටත්
ලෝබ කමටම
මටම විතරක්
ඔබේ සෙනෙහස
දරුපැටව්
තුරුලට ගෙන
ඔබ නිදි ගෙයි යහනේ
පිලේ පැදුර
මට පිහිටයි
මහරෑ යාමේ
තුරුලට වන්නට
හිත ඇතිමුත්
ඇතුලට විත්
අවදිවේවි
පැංචන් සුවසේ නිදන
නිදියහනෙන්
හද පායා
අදුර මකා
මහරෑ යාමේ
එනවද එලියට
මගෙ මැණිකේ
සුව විදින්න මධුඑළියේ!!
තුරු සෙවනේ පාරදිගේ
අත් අල්ලා නැලවිල්ලේ
මුමුණ මුමුණා කොල කතා
නොගියත් යලට මහට
වෙල් එළියේ නියර දිගේ
ඔබ පිටුපස දැවටි දැවටී
මඩ ගෑවුනු මල්ගව්මේ
වතුර දමා නොසේදුවට
නිල්දිය රැලි වැව් ඉවුරේ
මදනල විත් සිපගන්නා
නුඹෙ කෙහෙරැලි පිරිමදින්න
මට විවේක නැතිවුනාට
මල් වැට අද්දර හවසට හවසට
විහිළු කතාවක් කිය කිය ඉන්නට
වැටෙන් මලක් ගෙන හිසසරසන්නට
වැට නැත අද මා එන වේලට
ඔබෙ ලගට විත්
සෙනෙහෙ පා
උණුසුමේ වෙලෙන්නට
ගව් ගනන් දුරවගේ
එදා වගේ ඉන්නට
නොහැකි උනත් හැම විටෙක
ආදරෙයි මං ආදරෙයි
එදා මෙන් හැමදාම!
දැන් ජනප්‍රියම මාතෘකාව සංශෝධිත බදු ක්‍රමයයි. සරදියෙල් තියරිය දමා ලැබෙන් බදුටික හොරාගේ සේප්පුව ට දැමීම හෝ වක්කඩේ හකුරු හැංගුවා මෙන් රාජ්‍ය සේවය පෝෂණය කිරීමට යොදයි.
කෙනෙක් ගේ පඩිපතෙන් හතරෙන් එකක් බදු ලෙස අය කර ගත්විට දැනෙන සන්තෝෂය අප්‍රමාණ වේ. ඊට විසදුමක් ලෙස දේවාලයක පොල් ගසනවා හැරෙන්න වෙන කිසිම දෙයක් නැත.
ඔය බදු සමීකරණය හදාපු උන් කියන්නේ ඒතරම් පඩිගන්නා අයට එවන් බදු ප්‍රමාණයක් සාදාරණ හා දැරියහැකි බවත් ය.
උන්ට ඒ වැටුප් ගෙවන්නේ කරන රාජකාරිය හා පලපුරුද්ද පදනම් කරගෙන වේ. ඒකට බදු පටවන්නෝ අමු කුහක පෙරේත හැත්තකි. පෙන්ශන් නැති පුද්ගලික සේවකයෝ බදුත් ගෙවාගෙන තම ජීවිතය සරිකර ගත යුතුය.
බදු ගෙවිය යුතුය එහි කිසිදු විරුද්දත්වයක් නැත. ප්‍රශ්නය ඇත්තේ මෙතරම් බදු ප්‍රමාණයත් ගෙවීමත් හා අකාර්යක්ෂම පාලන තන්ත්‍රයක් හා පාලකයි වසන රටක ගෙවන් බද්දෙන් හර්හැටි වැඩක් නොකිරීමයි.
මේ නව බදු ක්‍රමය ගැන කිසිසේත්ම නිහඬ ව නොසිටින අතර මවර කළුගලේ උවද ඔලුව ගසා ගැනීමට සූදානම් ශරීරයෙන් සන්නද්ධ වෙමි.
ගෙවන බදු බලුකපුටු දානයක් ලෙස සලකමි.
ලැබෙන සැනිනි විස්තර ඉදිරියට