Thursday, November 2, 2017

දූ

තුරුලේ මා දූ උණුසුමට නිදී
හද පතුලෙන් ආදරගංගා නදී
කෙදිනකවත් අතැර යන්න නොදී
දෑත බදා තුරුලේ හොවා හිදී

ඉදහිට එන සිනා කැකුළු පොඩී
මන් මත් කරයි දූ පැටියා පොඩී
ඇහැරුනහොත් හප්පා බිමට අඩී
දෙවනත් කරයි පැලෙන්න කන් අඩී

අතේ ඉන්න හාපැටියා දොයියනවා
අඩවන් ඇස් ටික ටික පියවෙනවා
හිරිවැටිලා අත ටික ටික පිච්චෙනවා
සිනහව දැකලා ඔක්කොම හරියනවා

පොඩ්ඩ පොඩ්ඩ ලොකුවෙනවා දූ    මාගේ
සැරෙන් සැරේ හිනැහෙනවා හරිම    අගේ
වෙන්න වෙන්න ලොකු දූ පැටියා      මාගේ
ඇවිද යන්න නිවැරදිම මග                 දිගේ

No comments:

Post a Comment