Saturday, November 25, 2017

Look back

පසුගිය වසර 12 ක කාලයක් පසුපස දිහා හැරී බලන කල්හි පසුතැවීමට බොහෝ කාරණා නැත.
කලකීදේ බොහෝය නොකල දේ ඊටත වඩා ඇත.
සියලුම දේ ලැයිස්තු ගතකලවිට,
කල, නොකල, අවශ්‍ය, අනවශ්‍ය,වැරදුණු, මගහැරුණු, නොකලයුතු යනාදී වර්ගීකරණයනට ගොනුවේ.
ප්‍රශ්නයේ මූලාරම්භය මෙයයි.
මතුපිටින් අතගා බැලූවිට මෙහි ගැටළු 2 ක් ඇත. එකක් ඉහතින් දක්වා තිබෙන අතර අනෙක් පසුව මතුවේ.

කලදේට වඩා වැඩි අවදානයක් නොකලදේටත් වැරදුණු දේටත් යොමුවීම නිතැතින්ම පසුගාමි ලෙස සිතන මනසට යොමුවේ. එය සාමාන්‍ය මිනිස් ගතීවභාවය ලෙස හුවාදැක්වය හැකිය. මෙහි ගැටළුව ඇත්තේ මේ වැරදි සංවේදනය හරහා ඍණාත්මක විභවයක් ඇතිවීමයි.
කාලයක් ගතවූ තැන කෙරෙන පසුවිපරමකින් ඒත්තුගැන්වෙන්නේ මීටවඩා වැඩියමක් කල හැකිවතිබූ බවය. ඊටත් ඉදිරියට විපරම් කලවිට දෑසට කදුළු එන්නේ සිතූ සිතුම් හා අදහස් තිඹිරිගෙයිම මරාදමා ඇතිබව වැටහීමෙනි.

දෙවන ගැටළුව පැනනඟින්නේ මින් ඉදිරියට සිත යොමු කරන විටය. එනම් අවුරුදු 12 කඹුරා අවසන තවත් අවුරුදු 18-19ක් මේ ලෙසට හෝ ඊටත් වඩා වඩියෙන් ශ්‍රම සූරා කෑමකට ලක්වන බව සක්සුදක් සේ පැහැදිලි වන විටයි. එය ගැටළුව කට වඩා ත්‍රාසය උපදවන කරුණකි. ඒ අවුරුදු ටික ද ගෙවීගියපසු මෙයට වඩා තත්වයට උසස්ව තිබේවියැයි සිතීම උගහටය.

කටුසටහන

No comments:

Post a Comment