Monday, November 13, 2017

රාත්‍රිය

සියල්ලෝම තද නින්දේ
රාත්‍රිය එළැඹුණා පමණි
නිහඬ නිසසල බව
බිදලන රැහැයි ගෙඹි
හඬ හැරුණු විට
ඉදහිට බුරන සුනඛ හඬ

රැයේ කාලකි ගෙවී ඇත්තේ
අමාවක දා එකලෙසට කළුවර
තරු හංගා වලාපිරි අහසේ
එළියක සලකුණු රහිතව
රැයටම ඇති කණාමැදිරි එළි
ඉතිරි හරියම කාන්සිය පමණි

එක දිගට එන රැහැයියන්ගේ
ගෝරනාඩු හඬ, උපදවා හිසේරුදා
රැයේ තනියට උන්වත් නොහිටින්න
ජීවයක් රහිතවම ගෙවෙනු ඇත
නිනව්වක් නම් නොමැති රැහැයි හඬ
කෙසේහෝ උන්ගෙන් පවතීවි

ගිම්හාන දහවලේ හැපී තෙරපී
දහඩියෙන් තෙත්වූ පෙගීගිය
ජීවිතය ගැටගසා ගැනුණු වස්
මරු හා සටන්වැද දවස අවසන
දවාළු ගතසිත නිවා සැනහිමුත්
රැය පුරා දුම්දමයි දහවලේ ගින්නෙන්

එක් පැයක් ගෙවීඇත
ඝණාදුරේ රාත්‍රියෙන්
වාරුවක් නොමැති මේ රැයේ
නින්ද ආ නොවීනම්
කරන්ට කිසිත් නොමැතිව
මුමුණමින් දොඩන්නට වේ!

No comments:

Post a Comment