හිරි පොද වැස්ස වටෙන වේලේ
මද අදුරු හැන්දෑ සමයේ
සුපිරි වෙළෙඳ සල පියස්සේ
නිකන් සිටගන සිටිනවෙලලේ
අසලින් එකිනෙකා යන්නා ගානේ
හොරැහි බලා හිමිහිට මුමුණන්නේ
හොර ගෙඩියෙක් සැක සිතන්නේ
එවැනි හැගීමක් සිතට දැනුනානේ
අඩි උස පැළදි ලදුන් කොටට ඇදන්
සාරියෙන් හොදට සැරසී නෝනාවරුන්
ජැන්ඩි පහහට හැදපැළද ගත් මහත්වරුන්
හිසේසිට පතුලටත් විත් නැවතුනේ මුහුණින්
එකා පසුපස එකා ගොන් රැලකසේ
දෑත් විදා ඇතුලු විනි බඩු ගනු රිසිසේ
නානා විද දේ ඇත අසුරා අස්සේ
තෝරාගනු තම තම අවැසිදේ සිත්සේ
මුන්ගේ උජාරුව උන්ටැයි
එළියේ හුන් එකා පහත් වන්ටැයි
කුලයෙන් හීන වෙන්ටැයි
යන එන උන් සිතා ඉන්ටැයි
වැටදි තැන නොසිට
එලියට බට විගහට
පාරෙන එපිට ගහයට
මුවා වුනෙමි මහ වැස්සට
No comments:
Post a Comment