Wednesday, November 15, 2017

මතක පොත

මතකයන් අතරින් අතීතය සිසාරා බැලූයෙමි
කෙතගැටුණු සේයාරූ
ක්ශණයෙන්
ගත හරහා විදුලි අකුණු සැර
සර්වාංගෙම කිලිපොළා දැමිණි.
මතකයන් අතරින් අතීතය සිසාරා බැලූයෙමි

අමතකව තිබූ අතීතය
ඇස්පනාපිට සජීවී
දසුන් මැවී
සොදුරු සේයාරූ බොදව ගිය පසු
ඉතිරි වූයේ සිත්තැවුලක් පමණි

මතකයන් අතරින් අතීතය සිසාරා බැලූයෙමි
කිසිදින පැරැණි නොවූ මතකය
කාලය විසින්
මතකයටම මතකය අමතක කර
සගවා තැබිණි.

සිගිති සිනහ අතරින්
මතකයන් අතරින් අතීතය සිසාරා බැලූයෙමි
සිනහව අතරින් පසුපස සැගවුනු
කදුළු බිංදුව
රූටා නොවැගිරුනමුත්
එකතුවිය කදුළු විලටම

සොදුරු සේයාරූ
මතකයන් අතරින් අතීතය සිසාරා බැලුයෙමි
මතකයේ හරයක් නොවෙතත්
එහි ඇති අමිහිරි බව
පසෙක තබා
සිනාසුනා
සොදුරු මතකයන් අතරින් අතීතය සිසාරා !!!

No comments:

Post a Comment