Monday, October 30, 2017

වෙස්මුහුණු

මුහුණින් මුහුණ බලා
සුසුමින් සුසුම් මුදා
අදුරු මුල්ලක සැගවගත්

විටින් විට වටින් වට
විපරමින් බලබලා
මුහුණ සගවති සුසුම්සලා

රූරා වැගිරුණු කදුළු
රූටා  යයි හරහා සුදු මුහුණු
දිය ක‍රමින් වෙස්මුහුණු

ටක් ටික් ටක් ට්ක්
නිහඩය අදුරු අහුමුලු
ගතවිය  හෝරා කිහිපයක්

නැගීගත් උන්
වෙස්මුහුණු දමාගත්
පිටත් විය කිසිත් නොදොඩා

වෙන් වෙන් මගක් ගෙන
එතැන්සිට වෙන්වගිය
ඇසිල්ලකින් පසුව

අදුනාගත නොහී
පැළදගෙන උන්
නව වෙස්මුහුණු!!!. ...

No comments:

Post a Comment