Wednesday, January 24, 2018

සටහන

නොලියූ සටහනක
පූර්විකාව
මුල
මැද
අග
එක ලෙසට
සමීප සබඳතාවයෙන්
නොලියූ අපූරුව

හිස් ඉඩක
කිසිවක් නොමැති බැව්
ඈත
මෑත
එපිට
උන් පුන පුනා
නන් දොඩන්නට
ඉඩ සැලසුනු
හිස් හිස්ගොඩ

නැති තැනක
නැති දෙයක
ඇති
නැති
නොමැති
ශුන්‍යයක  ඇති දෙය
නොලියාම දක්වන්නට

හිස්තැන හිස් ලෙසට
පවතින්න හැර දමා
කාලයට ඉඩදී
හිස් ලොවම හැරගියා¡

No comments:

Post a Comment