බඩ පපුව දැවිනි
කට වියැළිණි
ඔළුවේ අත ගසාගෙන
කල්පනාවක කිමිදුනි.
මද්දහන පසුව ඇත
පාසලද නිමව ඇත
වෙලාවද පසුව ඇත
කෑම දමා නැත.
පොඩිඑකා බඩගින්නේය
දැන් වෙලාව හමාරය
උදේ පාන්දර වැඩ අධිකය
වෙනද වෙගේ එය අමතකය
ඇති කෑම ටික
බෙදාහදා ගෙන
කන්න ඉගෙන ගන්න
ඕනෑ ඔහොම වෙන්න
පොඩිඑකා ට ගානක් නැතිවිය
උන්ගේ පාඩුවේ සෙල්ලමේ
මා යනවිට හිනාඋනේ
හිත සනසා සැනසුවේ.
No comments:
Post a Comment