කාලාන්තරයකට පසුව නැවත මැතිවරණ උණුසුම රට පුරා පැතිර යන්නට පටන් ගෙන ඇත. කලින් අළු යට ගිනි සේ පැවති දේ අද එළිපිටම සිදුවේ.
අමු අමුවේ ගල් පැලෙන බොරු ඇද බාන උදවිය හැසිරෙන්නේ සුද්දවන්තයන් ලෙසිණි. අනුන්ගේ වැරදි උලුප්පා පෙන්නන අය එකල ඒවාට උල්පන්දම් දුන්නා අපටනම් මතකය.
පැමිණ ඇත්තේ පුංචි මැතිවරණයයි, දෙපැත්තේම මහ උන්ගේ හෙංචයියන්ට තානාන්තර ලැබෙන කාලයයි. මහ උන්දලාට කඹුරා අවසානයේ ඉතිරි උනු ටික රැගෙන ගම මතක් වී ගෙන් ගෙට යන්නේ " අපි ඔක්කොම රජවරු ඔක්කොම වැසියෝ තුන් සිංහලයම නෑදෑයෝ" කියමිනි. ගෙදරට එන එකාට කොස්ස අතට නොගන්නේ මනුස්සකම ට මෙන්ම මන්න කැත්තෙන් පාඩම් කියාදුන්නද මුන් නොසෑදෙන නිසාවෙනි.
පන්සලට අහේනියකටවත් ගොඩ නොවෙන ඇත්තෝ පොඩිහාමුදුරුවෝ අපවත් වූ දවසේ සියලුම මෙහෙයුම් කටයුතුවලට කටින් මුලින්ම සම්භන්ධ විය. මේ දිනවලදී පින්කම් හි ප්රධාන දායකත්වය ද දරත්.
මැතිවරණයේ මුලසිට අගටම ඇත්තේ මුලාවයි. නීතිරීති දමා දින නියමකරගන්නේ ආණ්ඩුවට වාසිවන ලෙස හා ජඩ පේනකරුවන්ගේ නක්ශාස්ත්ර අනුවයි. නීතිය බල්ලට දමා සියල්ල උල්ලංඝනය කරන්නේ කිසි බියක් සැකක් නැතිව හරි උජාරුවෙනි.
බොරු බේගල්, පොරොන්දු, සුරංගනා කතා ධාරාණිපාත වැසි ඇදහැලී ජන්දදායකයා ඉන් සෝදාපාලුවී යන බව උන්ම නොදනී.
නියමිත දිනය දා පින්තූරයකටත් අහඹු අංකයකටත් මනාපයකියා අකමැත්තේ සළකුණ කතිරය ගසා කැමැත්තෙන් අපාගතවන උදවියකි අප.
මෙහි අකමැත්ත ප්රකාශ කිරීමට ඉඩක් නොමැතිවීම දැඩි දුර්වලතාවයක් වේ.
ජන්දය ලකුණු කිරීමට යාමද වේලාව නාස්තියකි. දැම්මා නොදැම්මා කියා වෙනසක් නැති බව අතීතයේ අත්දැකීම් අනුසාරයෙන් සිතාගැනීම අපහසුනොවේ. ඒ මන්දයත් පූසා හොරාකනවා කියා ඌ එළවා නරියකු ගෙදර දමා ගත් මහදැනමුතු අපි මහදවාලේ කුකුල් කොටුවම කාදැමූපසුත් වගේ වගක් නොමැතිව සිටීමට තරම් ධීර එඩිතර පිරිසක්ව පත්ව ඇතිමු.
මේ දැන් ගෙට රිංගන්න හදන ඇට මීයන්ට අපට දැනෙන්ට යමක් කල නොහැකිය.
Tuesday, January 16, 2018
මනාප
Subscribe to:
Post Comments (Atom)
No comments:
Post a Comment