Friday, January 19, 2018

සද

බලා සිටියා මා
නුඹ සිසාරා නුඹ
සපැමිණෙනා තෙක්
අකලට පැමිණ
කලට පෙර
මිළිනව ගියා
අදුරු වලා පාවෙලා

ගිරි ශිඛර මතුපිට
නුඹ හුන්නු කාලයේ
අත්වැලක් වූවා
පියා නොපියවෙන්
දෑස් සගලට
නොපැටලී දෙපා
ගල් මුල් බේරා
පය නොවද්දා
දුශ්කර මගේ
ඇවිද ගියා වාරුවෙන්.

කවදා ද නැවතත්
එලිය විදා
මේළොවට වඩින්නේ
සිත් සතන් සනහා

No comments:

Post a Comment