හිරු නොකියාම අවරට ගොසින්
සද අමාවකයි
තරුරෑනට
පෙරදා නොවූ විරූ පැහැයක්
අවසරද මග මවන්නට
මන්දාකිණි අතරින්
නෙබියුලාවන් පසුකරමින්
ඔන්න ඔන්න බලාගෙනයි
කළු කුහරත් තැනින් තැනින්
යන්නෙ බොහොම පරිස්සමෙන්
කතාවකට නෑ ඉඩක්
සැලෙන ලෙලෙන රෙදිකඩක්
සලකුණු වල නෑ හඩක්
ඈත ඉමේ ක්ශිතිජයේ
වෙන් කෙරුණු කාලයේ
හමුවෙමුද අපි ආලයේ
No comments:
Post a Comment