අශෝකමාලා නුඹ
තවම පාමුල ,
අතැර ගිය කුමරු
නැවත නොඒවි.
රජ සැප දුටුකල
පැලේ අමිහිරි
කටුකබව දැනී
නැවත නොඒවි.
රන් වන් රුවට
ලොබබැද පැමිණ
මැදුරට කැදවූ කුමරු
නැවත නොඒවි.
රුවට පෙම් කල
කාමයෙන් ලොල් වී
මදවූ නිසාදෝ
නැවත නොඒවි
රුවමිස වෙනතක්
ඔබලග නැතිබැව්
දැනුනු නිසාදෝ
නැවත නොඒවි
ඔබ පෙම් කල් මුත්
ඔහු පෙම් කල මුත්
ගිය පසු නොදැනී
නැවත නොඒවි
ඔබ ලග සැපමුත්
රජ සැප ඉදිරියෙ
දූවිලි වැන්නේ
නැවත නොඒවි
දෑස් රිදෙන තෙක්
ඉර පායන තෙක්
බලා සිටිය මුත්
නැවත නොඒවි
අතැර ගිය කුමරු
No comments:
Post a Comment