පුංචි අක්බඹරු
සුළිරැල් මිටක්
සිනිදු සුමුදු
කෙස් පිඩක්
ඉපිටින් ඉගිල්ලී
ඉටිරුවක් වන් වතේ
සිගිති සිනහ කැටියක්
එල්ලිලා කට කොනේ
එහෙත් ටිකකට කලින්
මව සොයා හැඩූ සුසුම්
හිරවෙලා තොල අගේ
අත පයත් ගුලිවෙලා
අහස් ගිගුම් සද්දෙට
කිසිම් ගානක් නැති විලස
කෙලිපොඩී
හොද නිදී
No comments:
Post a Comment