තරු පළස අතුරා
ඉමක් කොනක් නොපෙනෙන
තැනින් තැන අදුරු ලප
ජනාවාසයන් නොදිළෙන
රූ රටා සිත්තම්
දිදුලයි බුබුළු නිමැවුම්
නෙක තරු රටා ගෙත්තම්
මිලානෝ නුවර මනරම්
හිරු අවරට ගිය විගසින්
අහස් තරු වියන පරයා
කඩා හැළුණු තාරකා
දැල්වෙත් එකළුකළමින්
දාහයෙන් මුසපත්ව
පීඩා විදි වැසියෝ
හුන් තැනින් නැගිට ඇත
තරු වියනට ඉඩදී
උඩු ගුවන් සිසාරා
ගුවනින් සක්මනට
තරු පළසේ එළිය මිස
දැවෙන සිත් නොපෙනේය.
ඈතින් ඈතට උඩු ගුවනට
මදින් මද ටිකෙන් ටික
කෙමෙන් වියැකී ගිය
තරු පළසේ කාන්තිය
තරු පළස එසේමයි
වේදනා එමටයි
ඔය ඔහොම ඉන්නයි
නැවත හමුවෙන්නයි
No comments:
Post a Comment