Sunday, March 11, 2018

වැස්ස

කෙමෙන් කෙමෙන්
මද අදුර ගලන
අහස කළු කර
මිලානෝ වැස්ස

කිටි කිටි ගැසෙන
සීතලට  කටෙන් දුම් දමා
පින්නට අසුනොවී
මග එපිට පනින්නට පෙර

අහසට මදක් පහලින්
උස්සා ඇති උස් පනේල
අතරින් නෙක දැකුම්කළු
රූරටා මවා මනරම්ය

සීතලේ අත් අල්ලා
කෙලිදෙලෙන් දිවයන්න
ඔබ නොමැති මා ලගින්
හැරයන්න මා

මිලානෝ වැස්ස

No comments:

Post a Comment