හිතට එන හිතූ හිතූ දේ ලියන්න ගිහින් ඇන ගනීවිද කියලත් හිතෙනව.
ඒත් සමහර දේ නොකියාම බෑ. ටික කාලයක් මහත් ආයාසයකින් ඇද කුද පෙනෙන දේ විග්රහ නොකර හිටිය බඩ ගෝස්තරය රැකගත යුතු නිසා. ඒත් ලගදි සිද්ද වුනු ග්රහ මාරුවෙන් කටට ඉබ්බෙක් දාගන්න වෙයි කියලයි මට හිතෙන්නෙ, ඒත් හිතට එන එක වහෙන් ඔරෝ හරි ලියන්න තීරණය කලා.
වැඩිය දීර්ඝ සටහන් නොතැබීමට උත්සාහ නොකරන්නේ මේ වල් පල් ලිවීමට මාගේ කාලය මෙන්ම පාඨකයාගේ කාලයද අපතේ යන බැවිනි .
ඔහෙ පලයන් දැන් මට පාඨකයින් ඉන්නවාදැයි යමෙක් අසන්නට පුළුවන්.
මීට කලින් දාල තිබුනු සටහනට ලයික් හත අටක් ලැබූ නිසා පාඨකයින් කෙසේවෙතත් යටත්පිරිසෙන් ලියනදේ කියවීමට පිරිසක් මා සතුවැසිටී.
තව සටහන් ඉදිරියට!
Saturday, March 31, 2018
කටුසටහන
Thursday, March 29, 2018
Tuesday, March 27, 2018
කෙලී
පුංචි අක්බඹරු
සුළිරැල් මිටක්
සිනිදු සුමුදු
කෙස් පිඩක්
ඉපිටින් ඉගිල්ලී
ඉටිරුවක් වන් වතේ
සිගිති සිනහ කැටියක්
එල්ලිලා කට කොනේ
එහෙත් ටිකකට කලින්
මව සොයා හැඩූ සුසුම්
හිරවෙලා තොල අගේ
අත පයත් ගුලිවෙලා
අහස් ගිගුම් සද්දෙට
කිසිම් ගානක් නැති විලස
කෙලිපොඩී
හොද නිදී
Tuesday, March 20, 2018
මල
මෝරණ පොඩි කැකුළු මල
තෝරා බේරා පාදාගෙන
සෝදා පිරිසිදු කර සුවද දියෙන් මල
ගල්වා බෙහෙත් හොදහැටි පදම දැන
නොතැළුණු මලේ පැණිනම් රහක් නැත
Tuesday, March 13, 2018
පළසක්
තරු පළස අතුරා
ඉමක් කොනක් නොපෙනෙන
තැනින් තැන අදුරු ලප
ජනාවාසයන් නොදිළෙන
රූ රටා සිත්තම්
දිදුලයි බුබුළු නිමැවුම්
නෙක තරු රටා ගෙත්තම්
මිලානෝ නුවර මනරම්
හිරු අවරට ගිය විගසින්
අහස් තරු වියන පරයා
කඩා හැළුණු තාරකා
දැල්වෙත් එකළුකළමින්
දාහයෙන් මුසපත්ව
පීඩා විදි වැසියෝ
හුන් තැනින් නැගිට ඇත
තරු වියනට ඉඩදී
උඩු ගුවන් සිසාරා
ගුවනින් සක්මනට
තරු පළසේ එළිය මිස
දැවෙන සිත් නොපෙනේය.
ඈතින් ඈතට උඩු ගුවනට
මදින් මද ටිකෙන් ටික
කෙමෙන් වියැකී ගිය
තරු පළසේ කාන්තිය
තරු පළස එසේමයි
වේදනා එමටයි
ඔය ඔහොම ඉන්නයි
නැවත හමුවෙන්නයි
Sunday, March 11, 2018
වැස්ස
කෙමෙන් කෙමෙන්
මද අදුර ගලන
අහස කළු කර
මිලානෝ වැස්ස
කිටි කිටි ගැසෙන
සීතලට කටෙන් දුම් දමා
පින්නට අසුනොවී
මග එපිට පනින්නට පෙර
අහසට මදක් පහලින්
උස්සා ඇති උස් පනේල
අතරින් නෙක දැකුම්කළු
රූරටා මවා මනරම්ය
සීතලේ අත් අල්ලා
කෙලිදෙලෙන් දිවයන්න
ඔබ නොමැති මා ලගින්
හැරයන්න මා
මිලානෝ වැස්ස
Saturday, March 10, 2018
කොට
හයේ හතරෙ මහ තඩි බුරුත කොට
බදා දමා මහ හයියෙන් ඉරන කොට
වීණා වැයුම් තාලය හා මුසුවු විට
ගීතය ගෙරවිල්ලට යටපත් උනා මට