Wednesday, January 24, 2018

සටහන

නොලියූ සටහනක
පූර්විකාව
මුල
මැද
අග
එක ලෙසට
සමීප සබඳතාවයෙන්
නොලියූ අපූරුව

හිස් ඉඩක
කිසිවක් නොමැති බැව්
ඈත
මෑත
එපිට
උන් පුන පුනා
නන් දොඩන්නට
ඉඩ සැලසුනු
හිස් හිස්ගොඩ

නැති තැනක
නැති දෙයක
ඇති
නැති
නොමැති
ශුන්‍යයක  ඇති දෙය
නොලියාම දක්වන්නට

හිස්තැන හිස් ලෙසට
පවතින්න හැර දමා
කාලයට ඉඩදී
හිස් ලොවම හැරගියා¡

Friday, January 19, 2018

සද

බලා සිටියා මා
නුඹ සිසාරා නුඹ
සපැමිණෙනා තෙක්
අකලට පැමිණ
කලට පෙර
මිළිනව ගියා
අදුරු වලා පාවෙලා

ගිරි ශිඛර මතුපිට
නුඹ හුන්නු කාලයේ
අත්වැලක් වූවා
පියා නොපියවෙන්
දෑස් සගලට
නොපැටලී දෙපා
ගල් මුල් බේරා
පය නොවද්දා
දුශ්කර මගේ
ඇවිද ගියා වාරුවෙන්.

කවදා ද නැවතත්
එලිය විදා
මේළොවට වඩින්නේ
සිත් සතන් සනහා

වැඩ

අනේකවිධ රාජකාරි
උරචක්‍රා මාලෙ වගේ
මාල වැලේ කැබලි වගේ

එකා පිටුපස එකා
කෝච්චියේ පෙට්ටි වගේ
වැඩ එනවා දිගටදිගේ

දොඩම් ගොඩම
එක පොදියට වඩාගැනෙයි
ගෙඩිඔක්කොම දොරෙගලයි

Thursday, January 18, 2018

අමතක

බඩ පපුව දැවිනි
කට වියැළිණි
ඔළුවේ අත ගසාගෙන
කල්පනාවක කිමිදුනි.

මද්දහන පසුව ඇත
පාසලද නිමව ඇත
වෙලාවද පසුව ඇත
කෑම දමා නැත.

පොඩිඑකා බඩගින්නේය
දැන් වෙලාව හමාරය
උදේ පාන්දර වැඩ අධිකය
වෙනද වෙගේ එය අමතකය

ඇති කෑම ටික
බෙදාහදා ගෙන
කන්න ඉගෙන ගන්න
ඕනෑ ඔහොම වෙන්න

පොඩිඑකා ට ගානක් නැතිවිය
උන්ගේ පාඩුවේ සෙල්ලමේ
මා යනවිට හිනාඋනේ
හිත සනසා සැනසුවේ.

Tuesday, January 16, 2018

මනාප

කාලාන්තරයකට පසුව නැවත මැතිවරණ උණුසුම රට පුරා පැතිර යන්නට පටන් ගෙන ඇත. කලින් අළු යට ගිනි සේ පැවති දේ අද එළිපිටම සිදුවේ.
අමු අමුවේ  ගල් පැලෙන බොරු ඇද බාන උදවිය හැසිරෙන්නේ සුද්දවන්තයන්  ලෙසිණි. අනුන්ගේ වැරදි උලුප්පා පෙන්නන අය එකල ඒවාට උල්පන්දම් දුන්නා අපටනම් මතකය.
පැමිණ ඇත්තේ පුංචි මැතිවරණයයි, දෙපැත්තේම මහ උන්ගේ හෙංචයියන්ට තානාන්තර ලැබෙන කාලයයි. මහ උන්දලාට කඹුරා අවසානයේ ඉතිරි උනු ටික රැගෙන ගම මතක් වී ගෙන් ගෙට යන්නේ " අපි ඔක්කොම රජවරු ඔක්කොම වැසියෝ තුන් සිංහලයම නෑදෑයෝ" කියමිනි. ගෙදරට එන එකාට කොස්ස අතට නොගන්නේ මනුස්සකම ට මෙන්ම මන්න කැත්තෙන් පාඩම් කියාදුන්නද මුන් නොසෑදෙන නිසාවෙනි.
පන්සලට අහේනියකටවත් ගොඩ නොවෙන ඇත්තෝ පොඩිහාමුදුරුවෝ අපවත් වූ දවසේ සියලුම මෙහෙයුම් කටයුතුවලට කටින් මුලින්ම සම්භන්ධ විය. මේ දිනවලදී පින්කම් හි ප්‍රධාන දායකත්වය ද දරත්.
මැතිවරණයේ මුලසිට අගටම ඇත්තේ මුලාවයි. නීතිරීති දමා දින නියමකරගන්නේ ආණ්ඩුවට වාසිවන ලෙස හා ජඩ පේනකරුවන්ගේ නක්ශාස්ත්‍ර අනුවයි. නීතිය බල්ලට දමා සියල්ල උල්ලංඝනය කරන්නේ කිසි බියක් සැකක් නැතිව හරි උජාරුවෙනි.
බොරු බේගල්, පොරොන්දු, සුරංගනා කතා ධාරාණිපාත වැසි ඇදහැලී ජන්දදායකයා ඉන් සෝදාපාලුවී යන බව උන්ම නොදනී.
නියමිත දිනය දා පින්තූරයකටත් අහඹු අංකයකටත් මනාපයකියා අකමැත්තේ සළකුණ කතිරය ගසා කැමැත්තෙන් අපාගතවන උදවියකි අප.
මෙහි අකමැත්ත ප්‍රකාශ කිරීමට ඉඩක් නොමැතිවීම දැඩි දුර්වලතාවයක් වේ.
ජන්දය ලකුණු කිරීමට යාමද වේලාව නාස්තියකි. දැම්මා නොදැම්මා කියා වෙනසක් නැති බව අතීතයේ අත්දැකීම් අනුසාරයෙන් සිතාගැනීම අපහසුනොවේ. ඒ මන්දයත් පූසා හොරාකනවා කියා ඌ එළවා නරියකු ගෙදර දමා ගත් මහදැනමුතු අපි මහදවාලේ කුකුල් කොටුවම කාදැමූපසුත් වගේ වගක් නොමැතිව සිටීමට තරම් ධීර එඩිතර පිරිසක්ව පත්ව ඇතිමු.
මේ දැන් ගෙට රිංගන්න හදන ඇට මීයන්ට අපට දැනෙන්ට යමක් කල නොහැකිය.

Friday, January 5, 2018

කතා

බොහෝ ව්‍යක්ත සාකච්ඡා සමුදායක් අවසන, වට පිට බැළූ තැන ඇත්තෙ නොපිරිපුන් හිස් ගොඩකි.
ව්‍යක්ත බව සංෂිප්තයට පාදක වූවක් මිස කරන්නාට අනුව වෙනස් නොවේ.

මෙහි ප්‍රශ්නයකට ඇත්තේ සංවාදයේ කෙළපැමිණියෝ මදක් සිහි මද ගතියෙන් හෝ මත්වී සිටීමයි.
ඉන් අන්තර්ගතයට උදව්වක් මිස හානියක් නොවිනි.
සියල්ල අවසන් ව වෙනත් දෙයක් දෙස බැළූ විට එතැන් ඇත්තේ මෝඩ පහේ කොමෙන්ටු කීපයකි.
එකෙක් අසනීපයෙන් නන් දොඩනවිට අනෙකෙක් ඉන් ප්‍රතිලාභ ලබයි.

චක්‍රය හා අක්ශදණ්ඩ
මටත් දැන් පිස්සු වගේ

Wednesday, January 3, 2018

Reach

I will not reach to the stars
Not even l m dreaming
I dont want to step on moon
That much of task I dont want
Reach to Everest
Not necessary
Its too risky
I m not even focusing on any peaks
Its not the peaks that hold gems
But the valleys
I want to be in the bottom of the valleys
Touching sand and grass
Yet upwind forces me to reach heigher
I want to feel high
I will loose touch of the ground
Its easy to fall
Will break a leg if i do
But the ground benith will hold.

I will tell the stories of the stars
Wars of thunder gods
create the home so soft, soft like the moon
Everest, the peaks will be the roof top
Stick with the ground, sand mud, water and grass
Where imagination is boundless
Together we are the gods of all stars