Monday, October 30, 2017

වෙස්මුහුණු

මුහුණින් මුහුණ බලා
සුසුමින් සුසුම් මුදා
අදුරු මුල්ලක සැගවගත්

විටින් විට වටින් වට
විපරමින් බලබලා
මුහුණ සගවති සුසුම්සලා

රූරා වැගිරුණු කදුළු
රූටා  යයි හරහා සුදු මුහුණු
දිය ක‍රමින් වෙස්මුහුණු

ටක් ටික් ටක් ට්ක්
නිහඩය අදුරු අහුමුලු
ගතවිය  හෝරා කිහිපයක්

නැගීගත් උන්
වෙස්මුහුණු දමාගත්
පිටත් විය කිසිත් නොදොඩා

වෙන් වෙන් මගක් ගෙන
එතැන්සිට වෙන්වගිය
ඇසිල්ලකින් පසුව

අදුනාගත නොහී
පැළදගෙන උන්
නව වෙස්මුහුණු!!!. ...

Saturday, October 21, 2017

අවාසනා

පය පැටලි පැටලි
අත් වාරුවෙන් හෙමින් හෙමින්
ඇදුනා ගාල දෙසට
වෙනද පුරුදු ලෙසට

මද පමනට රැගෙන ඇවිත්
බොහොම අමාරුවෙන් රගමින්
ගෙදර උන් හිටියා හිටිවනම
නොදැන පුවත් පෙර හැදින

පනිට්ටු ව ගැටිණි
ළිං ගැට්ට මතදී
පය සැරට් වැදුනී
ඇගිලි තුඩු විකුණී

බෙදාදුන් බත් පත්
අනාගෙන කෑමට
කට සොයා තැන තැන
වෙහෙසුනා බොහොමට

පෙරළුණා වට්ටිය
බේරුණා මුට්ටිය
ඇහැරුනා කට්ටිය
දැම්ම දෝස්මුර
වට්ටි පෙට්ටිය

මෙතෙක් වේලා කල
හැංගිමුත්තං
අහවරයි දැන් ඉතින්
කනේ ඇගිලිත්
හිරකරන්
නිදියගන්නට සැරසියන්

Friday, October 20, 2017

විසේකාර හැන්දෑව

නලියන සිත
විඩාබර ගත
වෙලාගෙන
නිනව්වක් කොයි

තැනින් තැන යන
විසේකාර සිත
ව්දුලියක් යවා
ගත ගිගුම් දෙයි

සිතෙන් ජනිත්ව
අතෙන් කැලඹී
සීත වීදුරුවක් වී
වතුර පාටවෙයි

ගැටෙන හඩකින්
සැදෑව ඇරඹේ
ටිකෙන් ටික
ගත උණුසුම් වෙයි

උණුසුම වැඩිවී
ගත සිත දැඩිවී
විසේකාර සිත
පාලන තොරවෙයි

සවස ගෙවී
ටික ටික රෑවී
සිසිලස එනවිට
සිත එක්තැන් වෙයි

ගහක් වටේ යන
ලතා වැලක් මෙන්
මීයා හිමිහිට
කැරකි කැරකි යයි

විසේකාර වූ
හැන්දෑ යාමය
පාරක් අයිනේ
දැවි අළුව යයි

Wednesday, October 18, 2017

තරු

හිරු නොකියාම අවරට ගොසින්
සද අමාවකයි
තරුරෑනට
පෙරදා නොවූ විරූ පැහැයක්

අවසරද මග මවන්නට
මන්දාකිණි අතරින්
නෙබියුලාවන් පසුකරමින්

ඔන්න ඔන්න බලාගෙනයි
කළු කුහරත් තැනින් තැනින්
යන්නෙ බොහොම පරිස්සමෙන්

කතාවකට නෑ ඉඩක්
සැලෙන ලෙලෙන රෙදිකඩක්
සලකුණු වල නෑ හඩක්

ඈත ඉමේ ක්ශිතිජයේ
වෙන් කෙරුණු කාලයේ
හමුවෙමුද අපි ආලයේ

පොට

අපට හොදටම පොට වැරදී ඇත
පිට පොට ගියවිට් නැවත සෑදීම බොරුය
ඒ පොට එකිනෙක කපාගෙන යන බැවිනි.

පොට යනවිට උද්දච්ච් උන් සිතුවේ
කස්තිරමේ මෙන් එය අළුත් පදයකට
නටාගත් හැකිවේය කියාය

දැන් පොට අන්තිම අඩියටම කැපී ඇත
තව ටිකකින් සිදුවන්නේ සදහටම සිරවීමයි
මින් ගැලවීමක් නැත

අපට සුභ අනාගයක් මෙන්ම සොදුරු හෙටක්

නො

සීතල උණුසුම් වූ හැන්දෑවේ
සිසිලස සොයා සොයා
මීවිත් බදු හැලී ගියා
අදුරු අලෝකමත් රාත්‍රියේ
දෑස් නිලංකාරවී
අගනන් ඔහේ ගියා
අමාවක සද එළියේ
තරු අතරින්
මන්දාකිණි පෙනීගියා
නොගැලපෙන මේ ගැලපීමේ
අතරමංව කැපූ ඉනිත්
පාවි පාවි ගගේ ගියා

Monday, October 16, 2017

පාමුල

අශෝකමාලා නුඹ
තවම පාමුල ,
අතැර ගිය කුමරු
නැවත නොඒවි.

රජ සැප දුටුකල
පැලේ අමිහිරි
කටුකබව දැනී
නැවත නොඒවි.

රන් වන් රුවට
ලොබබැද පැමිණ
මැදුරට කැදවූ කුමරු
නැවත නොඒවි.

රුවට පෙම් කල
කාමයෙන් ලොල් වී
මදවූ නිසාදෝ
නැවත නොඒවි

රුවමිස වෙනතක්
ඔබලග නැතිබැව්
දැනුනු නිසාදෝ
නැවත නොඒවි

ඔබ පෙම් කල් මුත්
ඔහු පෙම් කල මුත්
ගිය පසු නොදැනී
නැවත නොඒවි

ඔබ ලග සැපමුත්
රජ සැප ඉදිරියෙ
දූවිලි වැන්නේ
නැවත නොඒවි

දෑස් රිදෙන තෙක්
ඉර පායන තෙක්
බලා සිටිය මුත්
නැවත නොඒවි
අතැර ගිය කුමරු

Friday, October 6, 2017

නව හිරු

නව ඉරක් පායා අරුනළු අහසේ
ඉඩක් කඩක් නෑ ළපටි තරු රෑනට
විටින් විට ඈතින් ඉද තරු බිස්සේ
නැත ඉඩක් මුමුනමින් කල කතාවට

වසත් කාලය එළඹී
තුරු ලතා මලින් බරවී
දේදුනු සිරිය ගන්වී
දෙහදක් පිළිදන්නට සිත්වී

ශිශිරයේ පීපුණු
කුඩා හතු කුළුණු
නොතබාම ලකුණු
පරවිය අතු ඉරුණු

පාළු අදුරු අමාවකට
කාත් කව්රුත් නැති වෙලාවකට
එන්න ක්ශිතිජයේ කොනකට
මම එන්නම් කතාවකට