සීත සමය වහා ගිනියම් කරමින්
ගිම්හානයේ සංවහන ධාරා
මා ගත සිත වෙලාගැනිණ.
වසර පහකට අධික විරාමයක්
අහම්බෙයෙන් මෙන් පෙම්වතිය නෙතගැටුනා
මා ඈ දුටුසේම ඈද මා දුටුවාය,
අපගේ ඇස් එකිනෙක යාවි
උන්ගේ බසකින් මුමුණා
අතීතයට මා රැගෙනගියා
ඇයගේ සිහිනය මල්පල ගන්නට
මාවත් පසුකර ජය මාවත මත
ඇවිදගියා ඈ මා පසුකරදා
මාගේ සිහිනය ජයලැබ ගන්නට
වෙහෙස උනා මා වෙහෙස උනා
කාලය ගෙවුනා ජයටැඹ හිටුවා
ආපසු බැලුවා සීතල දැනුනා
ජය කොඩි ලෙලුනා
දිවියේ අඩුවක් දැනුනේ නැතුවා
කාලය ගෙව්නා ඈ මවක වී
මා ගැන මතකය
ගෙවුනු අතීතය
සැඩ පහරට හසුවී තිබුනා
නටබුන් වත් නැති
අපේ සබඳකම්
ඇසින් කතා වී
බොදව ගියා.
මොහොතක් අවසන
ඇසින් කතාකර
මුවින් සිනාසී
කිසිවක් නොදොඩා
පිටව ගියා
ඇසින් පිළිගෙන
මුවෙන් සිනාසී
යන්නට ඉඩහැර
මා නිහඩ උනා
අතීතයේ අප විය
දැන් ඔබ ඔබ විය
මම මා විය
ඔබ ඔබේ මගෙහිය
මම මගේ එකෙහිය
අනන්තයට යන රේඛා දෙක
එක තැනකදි පමණක් මුනගැසුනා!
බොද සිහින
No comments:
Post a Comment