Saturday, July 8, 2017

ජීවන ගග

ඇල දොල
උල්පත් කඩිති පසුකර,
ගල් මුල් අතරින් සැඩපහරක්ව,
ප්‍රපාතයෙන් පහලට දිය ඇල්ලක් ව,
මිටියාවතේ දී නිසලව ඇත,
ගලන බවක් නොපෙනෙන ලෙසට.

ගග දිය නිසලව පෙනුනත් සැබැහින්,
ගග යට දියවැල් ඇදුනා මෙලෙසින්
නිසිදා නොනිමෙන හිරුමෙන් අහසේ.

අසුවී සැඩ පහරට
ගැලවී යන්නට නොහැකිව එල්ලුණු තණපත,
ගලවී අවුදින් ඇදුනා පහලට,
නිසලවු දියකද දුන්නා සෙනෙහස,
පැටලී නැවතත් දියවැල් අතරට,
නික්මීයන්නට නොහැකිය කතරින්.

No comments:

Post a Comment