Tuesday, July 18, 2017

ලොතරැයියක්

කොහෙන්දෝ  කඩාපාත් වුන ලොතරැයියක්, අප විසින් වවාගෙන කන්න පටන් ගෙන ඇත.
අවසානයේ දැන් එය උවදුරක තරම් අවදානම් තත්වයට පත්ව ඇතැයි මට සිතේ.
කුඩා සූරන ලොතරැයියක සිට කෝටිගනන් ඇදෙන දිනුම් සහිත ලොතරැයි දැන් බහුලව ඇත.

බොහෝදෙනා උදෑසන කරන්නාවූ ප්‍රථම ගනුදෙනුව ලොතරැයි මිලට ගැනීමයි.
සතියේ සෑම දිනකම රාත්‍රියේ දිනුම් ඇදීම් රාජ්‍ය මාද්‍යයය ඔස්සේ විකාශනය වේ.

රාජ්‍ය නායකයාද එල්ලී සිටින්නේ ලොතරැයි මතයි, ඒ මන්දයත් ජනාධිපති අරමුදලේ ප්‍රධාන දායකත්වයක් ලොතරැයි මණ්ඩලය දරන නිසාවෙනි. ඒ අතින් බලන කල දිලිඳු රටක ජනතා සුභසාධනය සදහා හොඳ ක්‍රමයක් ලෙස ලොතරැයි මණ්ඩලය භාවිතා කලහැකිය.

නීත්‍යානුකූල වුවත් මෙය යම් ආකාරයක සූදුවකි, වරද ඇත්තේ සූදුවේ නොව එයට ඇබ්බැහි වීම තුලයි.
අවසානයේ සිදුවී ඇත්තේ ධර්ම රාජ්‍ය තුල රාජ්‍ය අනුග්‍රහය සහිතව සූදුව ක්‍රියාත්මක කිරීමයි.
මෙය පටු ආකල්ප වලින් තොරව විමර්ශනයට ලක්කල යුතුය.

ලොතරැයි ක්‍රමයේ ආර්ථික විග්‍රහය කෙසේවෙතත් සම්භාවිතාවයෙන් නම් අමූලික වංචාවකි.
ලොතරැයි ගන්නා හට දිනුමක් ලැබීම ඉතා දුර්ලභ කාරනයක් වන නිසාවෙනි.

එහෙත් සතියකට දෙකකට වරක් මුල් දිනුමක් කොහේහෝ ඉන්නා වාසනාවන්තයෙක් හෝ වාසනාවන්තියක් හිමිකම් කියනු ලබත්.
නියම කතාව දිගහැරෙන්නේ ඉන්පසුවය
දිනූ දිනුමත් සමග වාසනාවන්තයා
හුරේදමා සමරන්නේ දින හතක් මගුල් කෑමෙනි.

නොනෑයෝද නෑයෝවී හිතමිත්‍රාදීන් ගෙන් පිරීයයි.
ගමේ කඩෙන් බඩුගත් ගෙදර උන්දෑ සිදාදියේ කඩේට යයි
අවුරුදු ඇදුම් ගත් උන් රෙදි සාප්පු බදුගනිත්.
යාම් ඊම් වාහනයට පවරන උන්
තෙල් මෝල් පෝෂණය කරති
ඉදහිට ගල් කාලක් , කසිප්පු පොඩ්ඩක් බුව් හාදයා
විස්කිම බී මාස හයෙන් අවසන් ගමන් යයි.
ලොතරැයි මුදල අවසන් මළගම සමිතියේ අරමුදලින්
කතාව අවසන්!
ලොතරැයි දිනුම් ඇදීම් දිගටම!!!!

No comments:

Post a Comment