Monday, July 3, 2017

අකුරු

මිනිරන් කූරක
හීන් කල තුඩක
ආදාරයෙන්
ශ්වෙත කඩදාසියක
සටහන් කල,
අකුරු.
එකිනෙක ගැලපීමෙන්
සෑදූ වචන,
හද සැනසුමද
බිදීමද
ඇත්තේ මිනිරන් කූරේ නොව
කූර රැදුණු අතෙහිය.
කූරට දොස් තබනුකිම!

කටුසටහන!

No comments:

Post a Comment