Monday, July 31, 2017

Last Respect

Pay last respect
Once departed
To a life less body
Unknowingly its useless

Yet it is required
To maintain traditions
Share condolences, sadness
With loved ones

The dear departed unknown
Until death
Never knew they existed
Never cared how they lived.
Yet for last respect
Attend to funeral.

Known fellow is dead
Others  unknown
Pay visit for
Last respect
Griving inside
For not being there
When alive

Sunday, July 30, 2017

Winter

සීත සමය වහා ගිනියම් කරමින්
ගිම්හානයේ සංවහන ධාරා
මා ගත සිත වෙලාගැනිණ.
වසර පහකට අධික විරාමයක්
අහම්බෙයෙන් මෙන් පෙම්වතිය නෙතගැටුනා

මා ඈ දුටුසේම ඈද මා දුටුවාය,
අපගේ ඇස් එකිනෙක යාවි
උන්ගේ බසකින් මුමුණා
අතීතයට මා රැගෙනගියා

ඇයගේ සිහිනය මල්පල ගන්නට
මාවත් පසුකර ජය මාවත මත
ඇවිදගියා ඈ මා පසුකරදා

මාගේ සිහිනය ජයලැබ ගන්නට
වෙහෙස උනා මා වෙහෙස උනා
කාලය ගෙවුනා ජයටැඹ හිටුවා
ආපසු බැලුවා සීතල දැනුනා
ජය කොඩි ලෙලුනා
දිවියේ අඩුවක් දැනුනේ නැතුවා

කාලය ගෙව්නා ඈ මවක වී
මා ගැන මතකය
ගෙවුනු අතීතය
සැඩ පහරට හසුවී තිබුනා

නටබුන් වත් නැති
අපේ සබඳකම්
ඇසින් කතා වී
බොදව ගියා.

මොහොතක් අවසන
ඇසින් කතාකර
මුවින් සිනාසී
කිසිවක් නොදොඩා
පිටව ගියා

ඇසින්  පිළිගෙන
මුවෙන් සිනාසී
යන්නට ඉඩහැර
මා නිහඩ උනා

අතීතයේ අප විය
දැන් ඔබ ඔබ විය
මම මා විය
ඔබ ඔබේ  මගෙහිය
මම මගේ එකෙහිය
අනන්තයට යන රේඛා දෙක
එක තැනකදි පමණක් මුනගැසුනා!

බොද සිහින

Saturday, July 29, 2017

නික්මීම

කලකට වැසි වසීවි
වැසිසුලං කුණාටුවකට පෙරැළී,
ගහකොළ උදුරාදමා නොනැවතී
බොරදියෙන් වනසාවි;
මහ කළු ගලක් මත සෙවනක් සදන්න
කළු වලාවේ රිදීරේඛාව දකින්න.

ඉනික්බිති ගිම්හාන අව්රශ්මිය පතිතවේවි,
ගිණියම් මිහිකත පය දවාවි
අවසන් දියපොදද අතුරුදන් ව
පිය මැන්ම අත්නොහරින්න
ක්ශේම භූමියේ
සෙවන,
දියපොද
මග බලා සිටිනු ඇත.

කලට වැසිවැටී, නිල් අහස දිලී
වසත් සමය පැමිණ ඇත නෙක වර්ණ මල් පිපී
මල් පිපුණු කටුපඳුරු තැනින් තැන විලිස්සී
පය තබනු සිහියෙන් නොරැවටී ඇති මල් උඩැක්කී.

විලේ නෙළුම් මල්  පිපුණු
මඩ තට්ටු පිරි  පොකුණු
බලා පෙරමග හොඳ ලකුණු
තෝරා ගනු මිනි කැට පිරුණු

කාලය ගෙවී යයි කිසිවක් නොකියාම
හොඳ නරක දෙක සමසම වෙයි හැමදාම
නුවණින් බලා කල යුතු වෙළෙඳාම
පවුලත් ඔබත් රැක ගෙන හැම මොහොතේම

ආ මග කෙටිය
යායුතු මග දුරය
කටු කොහොලින් පිරි මග දෙපස,
ඉදහිට මුණගැසෙමු
රොන්බී දොඩන්නට.

ඔබට ජයෙන් ජය!!!!

නොනිමි සටහන

Thursday, July 27, 2017

Old

There are no old rabbits in the wild,
So as old foxes.

Foxes hunt rabbits at young age as they are strong
They die in hunger when weak

Similarly Rabbits survive when they are strong
Sacrify when their time comes

Is it all about survival of the fittest
Or just luck

When food is scares
Body consumes it self for servival leading to death
Common for both rabbit and fox

Graduation

Graduation!
Formal ceremony of acheivement,
Showcase of the lifetime success story.

Hard times,
difficult tasks,
Faliures,
Rejections,
Happy hours,
Skipped meals
Sleepless nights.
All comedown to
Graduation!

No tears seen,
Happens everywhere
Laughters shake the skies,
Songs sang
Hugs shared
Congradulated one another
Yet no one remembered.
Its an end of an era
Leading to a beginning of a journey

flowers blossom,
Color the world in variety
Each with unique talant
Unleashed to the world.

No one seem to care
Everyone unaware
Dangers outthere
Each one beware

Saturday, July 22, 2017

Old path

Walking down the old road
Walking alone the road once roamed
Path remain same
Yet surrounding changed.

Trees covered road sides
Sheltering black hard tar.
Few stood strong, others have fallen
Heated road flashes with hot rays
Closing the eyes blocking the view.

Kids run around, have grown up,
Yet,
not to be seen, have left country side.
Some stood behind stuck with simple life.

Same old buses, same old crew
Drive up and down creating storms of dust,
once dust is cleared, there is no difference,
Only the same old country.

Life is simple, but very hard
You get stuck like to a trap,
Beyond border, beyond city
Simple village remain intact.

In time to come
Heat of the city will reach the place
Turning it with rings of fire, turning upside down,
Place once lived, will turn to grave,
Glimpse of grave now can be seen
Before the disaster return to base
Before the life line forever gone.

Come back to the place
Where no one ever left,
Where no one ever leave

Tuesday, July 18, 2017

ලොතරැයියක්

කොහෙන්දෝ  කඩාපාත් වුන ලොතරැයියක්, අප විසින් වවාගෙන කන්න පටන් ගෙන ඇත.
අවසානයේ දැන් එය උවදුරක තරම් අවදානම් තත්වයට පත්ව ඇතැයි මට සිතේ.
කුඩා සූරන ලොතරැයියක සිට කෝටිගනන් ඇදෙන දිනුම් සහිත ලොතරැයි දැන් බහුලව ඇත.

බොහෝදෙනා උදෑසන කරන්නාවූ ප්‍රථම ගනුදෙනුව ලොතරැයි මිලට ගැනීමයි.
සතියේ සෑම දිනකම රාත්‍රියේ දිනුම් ඇදීම් රාජ්‍ය මාද්‍යයය ඔස්සේ විකාශනය වේ.

රාජ්‍ය නායකයාද එල්ලී සිටින්නේ ලොතරැයි මතයි, ඒ මන්දයත් ජනාධිපති අරමුදලේ ප්‍රධාන දායකත්වයක් ලොතරැයි මණ්ඩලය දරන නිසාවෙනි. ඒ අතින් බලන කල දිලිඳු රටක ජනතා සුභසාධනය සදහා හොඳ ක්‍රමයක් ලෙස ලොතරැයි මණ්ඩලය භාවිතා කලහැකිය.

නීත්‍යානුකූල වුවත් මෙය යම් ආකාරයක සූදුවකි, වරද ඇත්තේ සූදුවේ නොව එයට ඇබ්බැහි වීම තුලයි.
අවසානයේ සිදුවී ඇත්තේ ධර්ම රාජ්‍ය තුල රාජ්‍ය අනුග්‍රහය සහිතව සූදුව ක්‍රියාත්මක කිරීමයි.
මෙය පටු ආකල්ප වලින් තොරව විමර්ශනයට ලක්කල යුතුය.

ලොතරැයි ක්‍රමයේ ආර්ථික විග්‍රහය කෙසේවෙතත් සම්භාවිතාවයෙන් නම් අමූලික වංචාවකි.
ලොතරැයි ගන්නා හට දිනුමක් ලැබීම ඉතා දුර්ලභ කාරනයක් වන නිසාවෙනි.

එහෙත් සතියකට දෙකකට වරක් මුල් දිනුමක් කොහේහෝ ඉන්නා වාසනාවන්තයෙක් හෝ වාසනාවන්තියක් හිමිකම් කියනු ලබත්.
නියම කතාව දිගහැරෙන්නේ ඉන්පසුවය
දිනූ දිනුමත් සමග වාසනාවන්තයා
හුරේදමා සමරන්නේ දින හතක් මගුල් කෑමෙනි.

නොනෑයෝද නෑයෝවී හිතමිත්‍රාදීන් ගෙන් පිරීයයි.
ගමේ කඩෙන් බඩුගත් ගෙදර උන්දෑ සිදාදියේ කඩේට යයි
අවුරුදු ඇදුම් ගත් උන් රෙදි සාප්පු බදුගනිත්.
යාම් ඊම් වාහනයට පවරන උන්
තෙල් මෝල් පෝෂණය කරති
ඉදහිට ගල් කාලක් , කසිප්පු පොඩ්ඩක් බුව් හාදයා
විස්කිම බී මාස හයෙන් අවසන් ගමන් යයි.
ලොතරැයි මුදල අවසන් මළගම සමිතියේ අරමුදලින්
කතාව අවසන්!
ලොතරැයි දිනුම් ඇදීම් දිගටම!!!!

Monday, July 17, 2017

මල්

මිල නොදන්නා වසන්තයේ මල්,
වසන්තය ගෙවාදමා පරවයත්,

මලට නම් මිලක් නියම කලෝ කව්රු ද?
මලක අගය නොදත් උන් මිල නියම කලෝද?

මලද මලේ අගය නොදත් නම්,
මලම මල නොතලා සිටියේ වීද.

මිල නොදැනිමුත් අගයයි දැනිය යුත්තේ,
නියම වටිනාකම එවිටයි එළිදකින්නේ.

කටුසටහන!

Tuesday, July 11, 2017

සද

සොළොස්වක සද,
පායන දිනක,
වලාකුළු නැති රැයක,
පියමනින්නෙමි,
සද දෙසට.

ඔබ සදකි!
ගණාදුර දුරලන මිණිපහනකි,
සද එළියට දිලිසෙන ඔබෙ වතමඩල,
සිපගන්නට හැකිවේද ජනේල් කූරු අතරින්.

වැටින් පැන,
විටින් විට,
විපරමින් බල,
හදපානේම ලංවුනි කව්ලු පියනට.

නිසසල රාත්‍රිය,
සසල කරමින් නැගේ හද ගැස්ම,
රැහැයි නද පරයමින් පෙරමග,
දඩෝරියාය හරහට.

ඉවසමින හැකිපමණ,
දඩයමට එළැඹි දිවියකුමෙන්
හීන් සීරුවට ඇදුනා
කව්ලු පියන අද්දරට.

විවරවිණි පියන් පත්,
සනසවිමින් සවන් පත්,
දුටුව දසුනින් මන්මත්,
වීය මගෙහද හිතවත්.

ඔබෙ සිනහ මුහුණින්
ගලා ආ කරුණාවෙන්,
අකුණු සැර වැදුනමෙන්,
කිළිපොලා ගියෙ සිසිලමෙන්.

කෙදිරිලි ආදර තෙපුල් අත,
වේලාව ගැන වගක් නොවිණි,
පාන්දර ජාමය එළැඹි බව,
දැනුනේ කුකුලා හැඩලූ පසුවය.

වහා යායුතුය,
සොදුරු මොහොත අවසන්ය,
නැවත දිනයක,
එන්නම්ය,
සුදුමුහුණ සිපගන්න.

එතෙක් අවසරයි මට,
දුරස්වී යන්නට,
නැවත එන දිනයට,
පියන් පත් හැරතියන්ට.


Saturday, July 8, 2017

ජීවන ගග

ඇල දොල
උල්පත් කඩිති පසුකර,
ගල් මුල් අතරින් සැඩපහරක්ව,
ප්‍රපාතයෙන් පහලට දිය ඇල්ලක් ව,
මිටියාවතේ දී නිසලව ඇත,
ගලන බවක් නොපෙනෙන ලෙසට.

ගග දිය නිසලව පෙනුනත් සැබැහින්,
ගග යට දියවැල් ඇදුනා මෙලෙසින්
නිසිදා නොනිමෙන හිරුමෙන් අහසේ.

අසුවී සැඩ පහරට
ගැලවී යන්නට නොහැකිව එල්ලුණු තණපත,
ගලවී අවුදින් ඇදුනා පහලට,
නිසලවු දියකද දුන්නා සෙනෙහස,
පැටලී නැවතත් දියවැල් අතරට,
නික්මීයන්නට නොහැකිය කතරින්.

Monday, July 3, 2017

Show

Good morning friends
I m XXXXX keeping you company till 6 wecome to the show.
We have our first request
" Hello" by Lionel Richiey
Going out to, my loving "J" from secret admirer,  uuuuuuu secret admire !!!!
Enjoy J this is for you.
..........
Ok guy  it a lovely day, next request for my ever loving "J" from "B"
" Where do broken hearts go" by Whitney Houston,
mmmm this is kind of sad, keep it up
............

Its gloomy and windy around there, how about at your place, weather forcast says it could rain in next couple of hours.
Yet someone is happy
Next request for our regular listener
"You are my #1 " Enrique
Guess whoo, yap its for "J" its flled with love!!!

.........
welcome back to the show,
This is quite sad
Our love story in the request show  has yet another sad moment.
There is a note
"She left for studies"
Hey man not to worry, it maybe long distance yet closer at heart.
For all distance lovers,

"Always" Bon Jovi

අකුරු

මිනිරන් කූරක
හීන් කල තුඩක
ආදාරයෙන්
ශ්වෙත කඩදාසියක
සටහන් කල,
අකුරු.
එකිනෙක ගැලපීමෙන්
සෑදූ වචන,
හද සැනසුමද
බිදීමද
ඇත්තේ මිනිරන් කූරේ නොව
කූර රැදුණු අතෙහිය.
කූරට දොස් තබනුකිම!

කටුසටහන!

Sunday, July 2, 2017

Little house on the prairie

As soon as I heard the name, I was delighted,like a little one got a lollipop.
I cannot decide on what  to write about it, if I do it will be only good since that had been the best childhood memory i can recall in terms of television and community around it.

The magical theme, when ever heard we used to run leaving everything and gather around TV to watch. Our time slot was always reserved for the drama.

The ideas and the stories were very well captured in the drama. As i can remember i watched 3 seasons without missing. During that era if you missed the telecast, there is no possibility of watching again like these days, i guess that scarcity gave additional essence to it. Thereafter i dont remember much, because there were other dramas telecast in channels. Time flew, I looked  back only to find what i have missed.

After many years, when i had access to information i found about the story line and the seasons, but non was easily accessible. Also there were not much awards won by this. I was puzzled. I gusee rest of the world didnt care much about it, yet for me it is the best, not one of the best, only the best.

My kid is watching it, I must join her!

Saturday, July 1, 2017

Idea

හිතට මොනයම් හෝ අදහසක් නොඑන්නේ මන්ද,
දැඩි ග්‍රහනයට හසුවන කිසිවක් නැත.
දැල්වෙන නිවෙන බුබුළු මෙන් හිතළු ගොන්නක නිමග්නය!

වාක්‍යංශ!