Wednesday, May 18, 2022

Hybranation ඇත්ත ඇති සැටියෙන්

Hybranation- ඇත්ත ඇති සැටියෙන්

මේ Hybranation එහෙම නැතිනම් ශිශිර තරණය කියන නොතේරෙන එක සරළ කරගමු.

ශිශිර තරණයකදී සත්තු ශාරීරික ක්‍රියාකාරිත්වය (metabolism) ඉතා අඩු තත්වයට ගෙන ඒම නිසා හෘද ස්පන්ධනය අඩු කරනව වගේම හුස්ම ගැනීමත් විනාඩි 10 කට එක් වරක් දක්වා අඩු කරන්න පෙළඹෙනව.

නැවතත් අපේ මාතෘකාවට යොමු වෙමු, 
මෙවන් අතිදුශ්කර කාලයකදී කලයුතුවන්නේ වියදම් අඩු කිරීමවත්, කාර්‍යක්ශමතාවය වැඩු කර සම්පත් ඉතිරි කිරීමවත් නෙවෙයි, ඒත් ඒව කරන්න එපා කියන එක මෙයින් අදහස් වෙන්නෙ නෑ. ඒකෙන් මේ වෙලාවෙ අවශ්‍ය කරන ප්‍රතිඵලය ලබාගන්න බැරි වෙනව. 

උදාහරණයක් විදිහට මෙහම බලමු,
කලින් තමන්ගේ වාහනයක වැඩට ගියානම් දැන් දෙතුන් දෙනෙක් එක්ක එකතු වෙලා යනව වෙන්න පුළුවන් , ඒකෙන් පෙට්‍රල් ඉතුරු වෙනව තමයි ඒත් office  එකේ තියන ඉන්දන හෝ විදුලිය භාවිතය අඩුවෙන්නෙ නෑ, ඒ වගේම ඔය සාමූහිකව ගමන් ගන්න වාහනයට තෙල් ගහන්නත් සල්ලි නෑ. 
ඉතින් මොනවාද කරන්න ඕනෙ? 
සම්පූර්ණයෙන්ම office  යෙන එක නවත්වන්න ඕනෙ 🤨😁 ඒකෙන් තමයි හොඳම ඉතුරුව වෙන්නෙ.
මේ economic hybranation  එකකදී අවධානය යොමු  වෙන්නඕනෙ වියදම හෝ සම්පත් භාවිතය අඩු කිරීමවත් , ඉතිරි කිරීමවත් , සංරක්ෂණය කිරීමවත් නෙවෙයි, ආර්ථික ක්‍රියාවලීන් සම්පූර්ණයෙන් නවතා දැමීම හෝ ඉතා අඩු ක්‍රියාකාරී මට්ටම ගෙන ඒම, ඒකෙදි අනවශ්‍ය, අවශ්‍ය හෝ අත්‍යවශ්‍ය විදිහට  කාර්‍ය්යන් වර්ගීකරණයට ලක්කිරීම නොහැකිය 
තවත් උදාහරණ බලමු 
1. පාසලේ ගමන සම්පූර්ණයෙන් නවතින්න වෙයි, 
2. කඩෙන් කෑම කනඑක, ආනයනික ආහාර අනුභවය සම්පූර්ණයෙන් නවත්වන්න වෙයි.
3. කලින් කාල හවස 7 ට පෙර නින්දට යන්න වෙයි. 
4. කාර්‍ය්යාල සේවය දින 3-4 කට සීමා වීම
5. බැංකු ශාකා වසා දැමීම හෝ දිනක් ඇර දිනක් විවෘත කිරීම්
මේ ලැයිස්තුව තව දිගට ලියන්න පුළුවන් 
කෙටියෙන් කිව්වොත් අපි දැන් ගත් කරන හැල්මේ දුවන ජීවන රටාව සම්පූර්ණයෙන් වෙනස් කරල නවතින්න ඕනෙ. 

තනියම ඉඳගෙන කල්පනා කරල බලන්න මොනවාද නොකරන්න ඕනෙ කියල 

සත්තු ජීවත් වෙන්න හුස්ම ගැනීමත් නවත්වනවනම් අපිට මේ කරන ගොඩක් දේවල් අතෑරල දාන්න පුළුවන් 

ක්‍රියාත්මක නොකිරීම ඔබට බාරයි. !!

කටුසටහන 

image: https://dailynews.lk/2016/02/29/features/over-crowded-buses-%E2%80%93-never-ending-issue



No comments:

Post a Comment