අරගලය පිටුපස කරුණු කාරණා හා
ඒ අවශ්‍ය කරන කාර්‍ය්ය කරන්න ඕනෙ කරන පසුබිමට පොඩි ප්‍රවිශ්ඨයක් ගන්නම්
-----=----=--
ලාංකික සමාජයේ අපි ඉගෙනගතයුතු මූලික වගේ සරල කාරණාවක් තියෙනවා. ඒ තමයි අපේ සමාජය හා ජනතාව තවම නූතනත්වයට නොපැමිණී හරිම ලපටි එකක් කියන එකයි.
දෛනික කටයුතු හැරුනම අනෙක් විශේෂ කාරනා වන සමාජ සම්භන්ධතා, දේපාලනය, ආර්ථිකය වගේ දේවල් විෂයේ පුදුමාකාර විදිහට පසුබෑමක ඉන්නෙ, රසවිදීම කියන කාරනය ගත්තම ඒක මනාවට පැහැදිලියි. ගීත, නවකතා , නාට්‍ය, කෑම බීම ගැන විපරම් කරාම ඒක තේරුම් ගන්න පුළුවන්.
සාමාන්‍ය ජනයාගෙ බොහොමයක් දේවල් විශේෂයෙන් දේශපාලනය ගැන දැනුවත් බාවය හරිම ලඳබොලඳයි
උදාහරණයක් විදිහට ගත්තොත් ෆයිඩ් රයිස් එකක් වගේ - උණු උණුවෙන් තළුමරමින් කෑවට මෙලෝ ගුණයක් නෑ, එහෙම නැතිනම් කොත්තුවක් වගේ - පෙරේතකමට කාල බඩ පිරෙනවා පහුවදා උදේට අතීසාරය; දැන් මේ රටම මුහුණ දෙන්නෙ ඔය කොත්තුව කාපු එකේ රඟ.
ප්‍රජාතන්ත්‍රවාදී පාලන ක්‍රමයක් සුද්දා අපිට ස්ථාපිත කරල දුන්නට, පසුගිය ශතවර්ෂ 5 ක් තිස්සේ සිදුවෙමින් පවතින ව්‍යසනයන් නිසා අවශ්‍ය කරන ප්‍රජාතාන්ත්‍රික දියුණු සමාජ පරිවර්තනය තවමත් සිදුවෙලා නෑ කියන එක තමයි මගේ අදහස.
අපි හැමදාම වගේ දියසේන කුමාරයා එනකන් බලාපොරොත්තු තියාගෙන ඉන්නවා, ඌ ඇවිත් ක්‍රියාත්මක කරන්නෙ රාජාණ්ඩු පාලනයක්, ඒක තමයි සමාජයේ උවමනාව ඒකයි මහරජා කියන දේශපාලන ප්‍රචාරය පහුගිය කාලයේ ඒ පාලනාධිකාරියට සාර්ථකත්වයට යන්න පුළුවන් උනේ. අප්පච්චි කියන්නෙ ඒකෙ අනුරුවක්.
ඉතා දුක්කිත පැතිකඩක් තමයි මේකෙන් පිළිඹිබු වෙන්නෙ, හරියටම කියනවනම් අපි තවම ගෝත්‍රික සමාජයක්.
කෙවිටෙන් තලල නාස් ලණු දාල හසුරවන්න ඕනෙ ජනතාවක් ඉනෙ.
එහෙව් එකේ ඔය ස්විට්සර්ලන්තයේ ක්‍රියාත්මක වෙන විදිහට සමාජය හෝ ප්‍රාදේශීය ජනතාව විසින් තීන්දු තීරණ ගන්න ක්‍රමයක් ක්‍රියාත්මක බෑ,
හේතුව ඒව තේරුම් ගන්න බෑ, උදාහරණයක් කියනවනම් අපේ කිරි අම්ම කෙනෙක් ට මවුස් එකක් ගැන කියනව වගේ- උන්දැ ඒක දැකල නෑනෙ කොහෙ තේරුම් ගන්නද.
හරි සමාජය පරිවර්තනයක් වෙනකම් මේ ක්‍රමේ තමයි, රාජාණ්ඩුවක් හදල හො නැතුව මිනිස්සුන් ට හරියටම කරන්න ඕනෙ දේ පිළිවෙළක් සහිතව මාර්ගෝපදේශ මාර්ගයෙන් දක්කාගෙන යන්න කටයුතු කරොත් ඔන්න හරි යන්න පුළුවන්.
ඒ වගේම අපි අපිට ගැලෙපෙන දේවල් කරන්න ඕනෙ;
පොඩි උදාහරණයක් කියන්නම්, ඔය ලොකුවට කරන 5s ක්‍රමය අපේ රටේ අන්තිම අසාර්ථක උත්සහයක්, අනික ඒකෙ මූලික සිද්දාන්ත අවබෝධයකින් තොරවෙ මොඩලය එහෙම පිටින්ම ගොම ගොඩ වගේ බාල දැන් ගඳ ගහනව,
තවත් උදාහරණයක් විදිහට ගත්තොත් අපිට ගැලපෙන්නෙ cottage industry, මහා පරිමාණ කර්මාන්ත ශාලා බොහොමයක් හරිම අවුල් වගේම අකාර්යක්ෂමයි, එතනත් තියෙන්නේ එකම හේතුව නොගැලපෙන දේ කිරීම හා ක්‍රමෝපායන් ගැලපෙන විදිහට ආදේශ නොකිරීම
ඉතින් රටේ දේශපාලනයතෙ එහෙමම තමයි.
දැන් ඔය x, y z generation කියල කතාවක් තියෙනවා නෙ
ඕකෙ ඔය Y generation එක සමහර විට බලාපොරොත්තු වන සමාජ පරිවර්තනය කරයි කියල හිතන්න පුළුවන් ඒකෙ ප්‍රතිඵල ලැබෙන්නෙ Z generation එකට
ඕතන ඉන්න X generation එක තමයි අවශ්‍ය කරන පරිවර්තනයට පාර හදල දෙන්න ඕනෙ
Y generation එක සමාජය පරිවර්තනය කරයි කියල හිතුවත් y generation එක වත් y generation ඒකෙන් මූලික උනා කියන අරගලයත් තවම පොළොවෙ හරියට අඩිය ගහල නෑ කියල තමයි කියන්න තියෙන්නේ !
කටුසටහන
No comments:
Post a Comment