Hibernation - ශිශිර තරණය කියන්නෙ මොකද්ද?
Google කරොත් මේ වගේ අර්ථකථනයක් හොයාගන්න පුළුවන්
Hibernation is a way for many creatures – from butterflies to bats – to survive cold, dark winters without having to forage for food or migrate to somewhere warmer. Instead, they turn down their metabolisms to save energy.- https://www.discoverwildlife.com/animal-facts/
සමහර සතුන් ආහාර හිඟ ශීත ඍතුවෙදි පණ බේරාගෙන ජීවත් වෙන්න තවත් තැනකට නොයා ඉන්න ක්‍රමයක්.
මෙහිදී කරන්නෙ පුළුවන් අඩු ශක්තියක් වැයවන විදිහට සිටීම , තේරුම් ගන්න පුළුවන් විදිහට කියනවනම් නිදා ගැනීම.
මේක සාමාන්‍ය නින්දට වඩා වෙනස් සාමාන්‍ය නින්දෙදි විවේකයක් , වර්ධනයක් සිදුවුනත් මේ නිද්‍රාවෙදි වෙන්නෙ ඊට වෙනස් යමක්, ඉතා අඩු කායික ශක්තියක් වැය කරමින් ඇඟේ තැම්පත් ආහාර ඉතා පරිස්සමෙන් භාවිතයට ගෙන ජීවිතය පවත්වාගෙන යාම.
අපිට ඇයි මේක වැදගත් වෙන්නෙ.
මේ වෙද්දී රටේ සෑම අංශයක්ම අකර්මණ්‍ය වෙලා, මුලික අවශ්‍යතා සඳහා මුදල් නෑ, බඩු මිළ අහස උසට, සල්ලි තිබුනත් ඉන්දන නෑ. ඉදිරි සතියෙදි මේ තත්වය තවත් උග්‍ර අතට හැරෙනව වගේම ආහාර හිඟ තැනටත් පත් වෙනව.
මේ සඳහා අපි මොනවද විසඳුම් විදිහට දකින්නෙ?
ආනයන සඳහා අවශ්‍ය ඩොලර් $$$ තව තවත් සෙවීම, වියදමට සරිලන විදිහට වැටුප් වැඩි වීම, නව ආදයම් මාර්ග සෙවීම වගේ දේවල්.
ඕක ගින්නට පිදුරු නෙවෙයි පෙට්‍රල් දානව වගේ වැඩක්, තවතවත් පහලට මිසක් ගොඩ ඒමක නෑ.
ඉතින් කරන්න ඕනෙ ශිශිර තරණයක්, අපි නිද්‍රාවකට යන්න ඕනෙ, ඒ කියන්නෙ මොනවත් නොකර නිදිය ගන්නවා කියන එක නෙවෙයි.

No comments:
Post a Comment