රට වටේ කරක්ගසා ඇති ඉතා දඩබ්බර ගතිපැවතුම් තිබූ ඉඳහිට කියූ කෙරූ චීන අඩි වැඩකිඩ නිසා සත්යපාල ගුරුන්නාන්සේගේ පුත්තරයාට ගමේ උදවිය කීවේ චීනා කියාය, එහෙන් මෙහෙන් යටිමඩි ගසාගත් මුදල් ද පියඋරුමයෙන් ලද ඉඩම්කඩම් හා වටේ ඉඩම් එක්කොට අනර්ඝ පොල් ඉඩමක් වවා ගත්තෙකි.
ඊට එහායි පැවතියේ සේපාලගේ වත්තයි, 80 ගනන් වල මුල ඉතාලියේ ජීවිකාව කර උපයාගත් මුදල් යොදවා රජයේ ඉඩම් කට්ටි සින්නක්කරේටම පවරාගෙන සාරවත් පොල් ඉඩමක් නිර්මාණය කලේ නව තාක්ෂණය ද එකතු කර ගනිමිනි.
ගමේ පලාතේ තියෙන හොඳම පොල් ඉඩම හිමිකාරිත්වය තිබුනේ මුලාදෑනි ආරච්චිලගේ මීමුණුබරාටයි, රජකාලයේ සිට පැවත එන ඒ ඉඩම් කට්ටි සාරවත් වගේම ඉතා සුන්දර පරිසරයක පිහිටා ඇත. හයිලන්ඩ් වත්ත කීවම කොයි කා අතරත් ප්රසිද්ධ මේ පොල් වත්තට හූනියම් දෙකක් පැවතිනි, පවුලේ පොඩිම කොල්ලා හා උගේ චඃගෝලයෝ ටික අමුපට්ට හොරු ටිකකි, වත්තේ පොල් ටිකත්, දර ටිකත්, පොහොර මිටි පිටින් හා අනෙක් ජාති කරත්ත මගින් පිටකලේ තමන්ගේම දේවල කිසිදු වටිනාකමක් නැතිවයි. අනෙක වන්නේ වැඩට බින්න බැස ඉන්න නරුමයෝ ටිකයි, මුන් දෙගොල්ලගේ වාසිය වැඩිපුර හිමිවූයේ චීනාට බව ගමේ සියල්ලෝම දන්නා රහසකි, ආරච්චිල මීමුණුබරාත් මේ ගැන නොදන්නවා නොවේ.
වැඩේ උඩුයටිකුරු වෙන්නේ චීනගෙ වත්තට පොල්කුරුමිණියා බෝවීමත් සමගයි, පොල් කරටියට උඩින් කාදමන මේ කුරුමිණියා බෙහෙත් ගහන්න එන හාදයාටත් දෙන්නේ දිනගනනාවක් රෝහල් ගතකලයුතු ප්රහාරයකි. වගාව පාළුවට අමතරව සේවක පිරිසට ලෙඩ වුවත් චීනා වත්ත වසා දමා ගස්ටිකක තලා පෙලා යානතමින් තත්ත්වය පාලනය කරගන්නේ ඉඩමෙන් පොඩි කොටසක් ගිණි තැබීමෙනි.
සේපාලට ඒ වගේ වගක් නැත, පොල් රා පෙරා ගෙන හොදින් සප්පායම් වී අත දිගහැර වියදම් කර විනෝදයෙන් කාලය ගතකලේ ඔහු පමණක් නොවේ, වැඩ කලඇත්තෝද රා බීමේ රුසියෝය.
වෙඩිකෑ ඌරාමෙන් ආවේසවී පොල්කුරුමිණියා ඊලගට කඩා වදින්නේ සේපාලගේ ඉඩමටයි, ඉඩමෙන් බාගයකට මදක් වැඩියෙන් විනාසකරන පොල්කුරුමිණියා තම අණසක ඒ වත්ත පුරාම විහිදාහැර, හයිලන්ඩ් වත්ත දිහා මාන බලන්න පටන් ගති.
හයිලන්ඩ් වත්තේ පොඩි කොල්ලා පාළුගෙයි වලං බිඳින්නට පටන් ගත්තේ පොල්කුරුමිණියා එන්න කාලයකට පෙරසිටයි, කෝපිකඩේ , තුංමන්හන්දියේ තොරතෝංචියක් නැතිව පොල්කුරුමිණියා ගැනත් උගෙන් ගැලවෙන සැටිත් අනිත් අය වැඩේ පටලවාගෙන ඇති සැටිත් දැනුමෙන් සන්නද්ධව කතා කියන්නට විනි. ඒ මදිවට අවුරුදු උත්සවේ වැඩකටයුතු සංවිධානය වෙමින් පැවතුනේ වත්තේ මැද පොල් ආර මුල් කරගෙනය.
වත්තේ ගස් එකදෙක පාළු වන්නට පටන් ගත්තේ සේපාලගේ වත්තේ සිට පැමිණි පොඩි කොල්ලාගේ ගිරවාගේ කකුලේ එල්ලීසිටි කුරුමිණියකු මාර්ගයෙනි.
ආරච්චිල මීමුනුබුරා පොල් පරියේශන ආයතනයේ උපදෙස් අනුව වත්ත වටේ ගිණි මැලගසා වට කර වගාව බේරා ගැනීමට කටයුතු කලහ.
තැනින් තැන තැළූ මලෙන් බේරන තෙලිජ්ජ ටිකට පෙරේතකමේ පොල් ලෙලිගහන ගොයියන්ගේ රා බීමත්, පොඩි කොල්ලා ප්රමුඛ චඃගෝලයෝ ගේ පොල් වල්ල කරකැවීමේ අවුරුදු ක්රීඩා තරග පැවැත්වීමේ සූදානම නිසා, අමුඩ ලේන්සුවක් නැති ආතා යන්තමින් ගැටගසා ගත් වේට්ටිය හන්දිය මැද්දේ කඩාවැටෙන්නට ඔන්න මෙන්න ය.
දියාරු දිනපොත