Monday, September 30, 2019

ඉතිහාසය 1

විස්තරයේ යම් අඩුපාඩු ඇතත් නුවණැත්තෝ විමසත්වා

දුප්පත්කම ත් අසීමිත දරිද්‍රතාවය ත් ඒ මත වූ ශ්‍රම සූරාකෑම ත් අභිබවමින් ගිය හොරමැරකම් ද දේශපාලන අසාධාරණයකම් ඇති තිප්පොලක් වූ තැනක් විනි.

අද එතැන සිංගප්පූරුව ලෙස හදුන්වයි,
එකල මේ පවිටු පුරය ට සේන්දුවන්නේ ලී ක්වාන් නම් කොළුගැටයෙකි.

කතාවේ දක්ශයෙක් වූ ඔහු දේශපාලන කරලියට පිවිසෙන්නේ මේ මඩ ගොඩෙන් දුක් විදින ජනතාව බේරාගන්න සිතාය.

මේ ගමනට ඔහු හා එක්වන්නේ රටේ නම ගිය හොර නායකයින්, මංකොල්ලකරුවන්, මත්ව්‍යාපාර කරුවන් ය. කෙසේ හෝ ලී ක්වාන් ගේ පක්ෂය ජය ගන්නේ කාලයාගේ ඇවෑමනි.

බලයට පත් ලී ගේ ප්‍රථම රාජකාරිය වන්නේ ඔහුගේ දෝලාව කඩා දැමීමයි, ඒ ඔහුට උදව් කල පාදඩයින් අල්ලා හිරේ දැමීමයි,

සිස්ටම් එකේ උඩට ඒ සිස්ටම් එකේ ආම්පන්න භාවිතා කර පැමිණි ලී රට දියුණු කිරීම ඒ සුද්ද කිරීමෙන් ආරම්භ කලේය.

ලී නිකන් සිටියේ නැත, ඔහුගේ අවසාන කාලය වනවිට රටේ ප්‍රධාන ව්‍යාපාර හා සේවාවන් හි හිමිකාරිත්වය තම පවුලට අයත් කර තිබිණි.

ලී ක්වාන් යුගපුරුෂයෙක් ලෙස මියගියාසේම, සිංගප්පූරුව දියුණු  රාජ්‍යයක් ලෙස වැජඹේ,

වටේ උන් දෙස බලා ලී ක්වාන් ට පයින් ගැසුවානම්, සිංගප්පූරුව අදටත් මැලේසියාව කොනේ ඇති මුඩුක්කුවකි.

Tuesday, September 24, 2019

වැස්ස

මහ මුහුදෙ
මහ වැස්සෙ
මහ මුහුදට
ඵල කිමැ

Wednesday, September 18, 2019

මැණික

දිය පතුලේ මහානර්ඝ නිල් මැණික
දිය සින්දා සෙව්වත් රජ නිල් මැණික
දිය දින්නා සිත් ඇත්තා සිළුමිණක
දිය ඔබ්බේ රුක් මත්තේ ඇති මැණික
දිය විනිවිද එය දුටුවා මිනි මැණික

උණ

වෙර සමග පැමිණි චණ්ඩමාරුතය
වෙර යොදූ ඉන්ද්‍රඛීලයක්
සටනින් ජය ලබත්

වැර යොදා සවිකර උන් මිහිමඩළ
වැර හැලී ගියා
ඉපණැලි වූ ඉන්ද්‍රඛීලය

උස් රූස්ස ගස් වනස්පතී
උස් හඩින් සුළගේ වැදී
බිම පතිතවෙත්

දළ රැහන් නැති උණ පදුරු
දළ බම ඇන නොවැටී සිටී
එනමුත් කෙලින් ඉන්නට බැරි

Saturday, September 14, 2019

හිතුවක්කාරී

හිතුවක්කාර කමට
ඈතින් ඈතට
තට්ට තනියම
ඉස්සරහට ගිහින්
ආපසු හැරුණු දාට
උණුසුම තිබුනත්
තුරුළේ ඉඩ
නැතිව තියෙන්න
පුළුවන් !!

Monday, September 9, 2019

කොමළි

පයක් තැබුවොත් ඇහේ කොනකින් ඇදක් ඇත්තේ
යමක් ලීවොත් කටේ දත්ටික හිරිවැටී යන්නේ
කටක් ඇරියොත් ඉගේ සළු බිම ඇද වැටෙන්නේ
වැඩක් කරතොත් හූනියම් දී නැතිව යන්නේ

කදු සිසාරා සිනා මුසුවී වාතලේ
දුර අතීතෙක වාගෙ ලස්සන මාතලේ
හිටුව පස් ගා අකුරු කරනට ගියා එකවිට පාසලේ
මුරණ්ඩුයී හරි දඩබ්බර ඈ වාසදේසේ හපුතලේ