Monday, June 17, 2019

සළු

සලුපට අහසට
ම්හිබට සුරපුරයට
අකුණු හරහට
වැටුණි එළියට

වැලේ වැල් නැත
හිතේ සිහි නැත
බැලුව හැම අත
වැලේ සළු නැත

එහා ගෙදරින්
කව්ලු අතරින්
තිබුණු රෙද්දෙන්
වැසුනි තිසරුන්

හිමිදිරි පාන්දර
පාර අද්දර
කොළුවා දඩබ්බර
නෙළා පින්තූර

දුටුව ඒ සළෙලා
වස කපටි කැනහිලා
කල යල් බලා
ලීය කවිය සදලා

Wednesday, June 12, 2019

මම

මා දෙස
මට පිටින් සිට
මා විසින් ම
බලා හිදින කල,
මා දෙස
මට පිටින් සිට
බලා සිටින්නේ
මම නොවන
මම!!!

Wednesday, June 5, 2019

අතීත

අතීත සැමරුම්
මතකාවර්ජන
සෝචනීය ඒ
මතකය
මිහිරි හැගුම්
ජනිත කරයි.
ඇති නැති
වැදගත්කම්
ඒ මොහොතට
පමණක් මැයි
අතීතය
හැමදාමත්
හරි සොඳුරුයි.

පතල

කීප විටක්ම පතලට බහින්න සිදුවූ නිසා
මා සිටියේ අමනාපයෙණි. ඉල්ලම් කැබැල්ලක් සොයා ගියද එය පාදා ගැනීමට ඊට උඩින් වූ ගල් හා පස්ද ඉවත් කිරීමට සිදුවීම දෙවෝපගත සිදුවීමකි.
පරණ අද්දැකීම් නිසා එදින පතලට බැස්සේ හුළුඅත්තද අතැතිවයි. වාසනාවකට හුළුඅත්ත දැල්වීමටත් පත්ලේ උන් මකුණන් පිළිස්සීමටත් සිදුනොකරන්නට අවස්ථාව උදාවිණි. ඒ පතලේ බාස්කෙනෙක් සිට අන්තිම ඉල්ලම පාදාදුන් නිසාවෙනි.
දවසින් වැඩි වේලාවක් ගතකර ඉල්ලම් කැටය බලා පතලෙන් ගොඩ වූයේ නැවතත් දවසක පතලට ගොඩවීමට සිදුවීම පිළිබඳව කනස්සල්ලෙනි.
වෙන කිසිදු විකල්පයක් නැත, නැවත හෙට දිනයේ පතලට බැසිය යුතුය. ඉල්ලම හාරා ගැනීමට බාස්කෙනෙක් හමුවේයැයි පතමි.
ප්‍රාදේශීය සභාවේ මුල් කොටස අවසන්!