Friday, July 30, 2021

කපුටා සහ කේජු කෑල්ල

කපුටා සහ කේජු කෑල්ල

මේ දින වල කතාබහට ලක්වන ගුරු අරගලය පිළිබඳව අතිශය පුද්ගලික කාරණයක් නිසා අද දින බුකියේ යම් අදහසක් අරභයා පෝස්ටුවක් පලකලෙමි.
තැන තැන විරුද්ධ වචනයක් දෙකක් සඳහන් කලෙමි.
එයට අටුවාටීකා ලිවීමට මෙය යොදා නොගන්නා නමුත් එක් කාරණයක් පැහැදිලි කලයුතුය, එනම් අරගලයට මගේ කිසිදු විරුද්ධත්වයක් නැති බවත් මෙන්ම ඊට  සහභාගි වන්නන්ගේ හා මාගේ පවුලේ උදවියගේ සෞඛ්‍ය ට ඉන් එල්ලවන තර්ජනය පිළිබඳව  මම අතිශය  භීතියට පත්ව ඇති බවත්ය.
ගුරුවරුන් දෙවිවරුන් වන්නේ සිසුන් තුලයි. ලෝකය කියා දුන් ගුරුවරු සැමදාම  සිත් තුල ජීවමානව වැඦබෙත්. ගුරුගෞරවය භක්තිය තිබුණත් අප තේරුම් ගතයුතු කාරණයක් වන්නේ  ගුරුන්ද අප වන් සාමාන්‍ය පුද්ගල කොට්ඨාශයක් බවත් හා අනෙක් අයවලුන් මෙන්ම ඕනෑ එපාකම් / හොඳ නරක සම සමව පිහිටා ඇති බවත් ය.
එසේ ගත් කල ගුරුවරුන් ද වෘත්තිය වේදීන් පිරිසකි. වෘත්තිය ගැටළු වගේම අරගල කිරීමට අයිතියක් ඔවුන්ට ඇත. එය අවිවාදයෙන් පිලිගත යුතුයි. 
සමාජයේ සුවිශේෂී කාර්‍ය්භාරයක් ඉටුකරන ගුරුවරුන් ඉශ්ටදේවතාවන් ලෙස සලකන පාට කණ්නාඩියෙන් ගුරු අරගලය දෙස බලන්න යාමෙන් සිදුවන්නේ දෙවියන් රාක්ෂයෙකු වීම හෝ පාලනතන්ත්‍රය දෝශදර්ශනයට ලක්වීම පමණකි.
සියළු ගුරුවරුන් ට අවශ්‍ය වන්නේ සිසුදරුවන්ට ඉගැන්වීම් හා ඔවුන් ලබන තෘප්තිය එය පමණක් ම යන කාරණය මම තරයේ විශ්වාස කරමි. 

ගුරුවරුන් වෘත්තියවේදීන් ලෙස ගත්කළ අවුරුදු 24 ක් පරණ ගැටළුවක් මේ මොහොතේ නිවැරදි කරන්න යාම කාලොච්ත ද යන්න හරිම ජුගුප්සාජනක කාරණයක්. ආර්ථික අවපාතයක් පවතින අවස්ථාවක එවන් ඉලක්ක සපුරා ගැනීමට නිසි හැකියාවක් ලැබීම ඇත්තේ අඩු ඉඩක් මෙන්ම මෙය පවතින තත්ත්වය උපයෝගී කරගෙන blackmail  කිරීමක් ලෙස යමෙකු හුවා දැක්වීමට හැකිය.
බෝවෙන වසංගතයක් උත්සන්නව පවතින සමයක ගාල කඩාගත් වස්සන්මෙන් හැසිරීම කෙසේනම් සාදාරණීකරණය කරම්හ.

ගුරුවරුන්ට නිකරුණේ නිග්‍රහ කර පව් පුරවා නොගෙන දැන් ඉන්නේ වෘත්තියවේදී දෙවියන් බව සිතා ව්‍යසනය කාලයේ විකෘති මනස සමතයකට පත් කරගතිම්.

කපුටාට කේජු කෑල්ලක් ලැබී ඇතිබව නම් පෙනෙන්නට ඇත. 

කටුසටහන 

Thursday, July 22, 2021

තාත්තා

ගුරුවරයෙක් වූ පියා ගැන පුතා කතාකිරීම අතිශෝක්තියට නැඹුරුවක් ඇතත් එය අතිශය පෞද්ගලික කාරණාවක් බැවින් ගෝලබාලයින් ඊට එකඟ වීමට හෝ නොවීමට හැකිය. 
අධ්‍යාපනය ගඟක් නම් එහි පාවෙන පාරු වන්වූ සිසු සිසුවියන් ගඟක් ගලන්නාසේ පාසල, මෙන්ම නිවසද උතුරා පිටාර ගලා යනව ආකාරය කුඩා සන්දියේ සිට මටද නැගණියටද සුපුරුදු දසුනක් විය.
දියේ ගැඹුර හරිහැටි කියාදී එහි නොගිලෙන ලෙසට  පියෙක් මෙන් අතෙන් අල්ලගෙන පාකරල දුර ඈත ගිය දක්ෂයෝ කොතෙකුත් වෙත්, ඔවුන් යෙහෙන් වැඦබෙත්. 
කලක් ගිහින් ළමයින්ට ඉගැන්වීම කාර්‍ය්යට අමතරව ගුරුන්ට ඉගැන්වීමට තාත්තා යොමුවීම ගුරුගෝල පරම්පරා කිහිපයක් හා පුළුල් වපසරියකට ඒ සෙවනැල්ල වැටීම රටේ මහා භාග්‍යයක් විදිහට දකිමි. 

විශ්‍රාමික දිවියට ඇතුලත් උනත් ගුරුවරුන් කිසිදා විවේකයක් නොගන්නා බවට ජීවමාන සාධකයක් වේනම් ඒ මා පියා වෙත්. කොරෝනා සමයේ අහලපහල නන්නාඳුනන කොළු ගැටයින්ට කතා කර ඉගැන්වීම් කා‍‍‍‍ර්‍ය්යයේ යෙදුනේ අවදානම ගැන නොසලකමින්.

තාත්තා පියෙක් ලෙස කරන්නට කියන්නට ඇතිදෑ දැන් පෙනෙන්නේ මිණිබිරියන් තිදෙනාට කරන කියන දේවල් වලිනි, සීමා මායිම් රහිත එවන් ආදරයක් ❤ කරුණාවක්, රැකවරණයක්, නොවෙනස් දයාවක් දෙනෙතින් දැක්කානම්, ලොවේ ඇතිනම් අත්දුටුවානම් ඒ තාත්තගෙන් දැනුදු අපි දෙදෙනා අත්දිටිමු. ජීවිතයේ කිසි දිනක ඒ ආසන්නයට හෝ  යන්නට මා හැකිවුවහොත් එය මහා පිම්මකි.

තාත්තා ගේ ඉගැන්වීම හුදෙක් පොතට පතට සීමා වූවක් නොවේ, මා කුඩාකල ඉගැන්වීම් කලේ බොහෝවිට පයින් ගමන් යන අවස්තා වලදීය. ජීවිතය, පරිසරය, මිනිස්සු, මානවදයාව, ඉස්සර ජීවිතය හා සමාජය නිතර කතාවූ මාතෘකාව විය. පරණි බස්නැවතුම් මැද කොරිඩෝවේ තනියෙන් යන්නට කියා දී දුන් අත්දැකීම් ජීවිතයට මහත් පිටිවහලක් විය. 

දාර්ශනික අදහස් වලින් පිරිපුන් තාත්තා මගේ උපන්දින පින්තූරයක්  පිටිපස මෙලෙස ලියා තිබුණා 

"සිතූදේ කරන්න - ඔබ වීරයෙකි, 
කලහැකිදේ පමණක් සිතන්න - ඔබ බුද්ධිමතෙකි" 

සුභ උපන්දිනයක් තාත්තා 
සත්‍යාවබෝධ වේවා !!!



Monday, July 19, 2021

අනන්තයට යන

නැට්ටුක්කාර හිවලුන්
විසේකාර නෑම්ඹියන් 
පෝතක් දෙසන්නන්
පිරිවරාගත් ජඩයින් 

ජේත්තුකාර මහතුන්
හැඩකාර නිළියන් 
වියත් කතිකයින් 
සභා මැද වියතුන් 

ගල උඩ උන්  මහ නරියන් 
කබරගොයා හෙංචයියන්
නීතිවේදි ගොං බානෙන් 
ගොළුබෙලි  ගමනින් 

රෝද නොමැති ගැලක් අදිත් !!!