කෝ මිනිස්සුන්ට නිදහස,
දැල් දැම්මෙ නැතිඋනාට, AC දාල, වටේට වීදුරු ගහල ළඟටම තේ එක ගෙනත් දීල නැති කරල තියන නිදහස, කෘතීම වනාන්තර දිහා බලල ඇහැට සැපක් දීල පිරිමහ ගන්න පුළුවන් ද?
නැති කරල තියෙන්නේ කායික නිදහස ( mobility restriction) විතරක් නෙවෙයි. විවිධාකාර මානයන් ගෙන් මානසික නිදහස නැත්තටම නැති කරල දානවට වඩා බැරෑරුම් විදිහට නිදහසේ පාලනය වෙනත් පුද්ගලයෙක් නැතිනම් පුද්ගල කණ්ඩායමක් විසින් ඉතා සූක්ෂමව අත්පත් කරගෙන.
ඒක හරිම ලේසියෙන් අපි work stress කියල මග හරින තැනට නොදැනුවත්වම brainwash කරල ඉවරයි. නිදහස මොකද්ද ඒක ඕනෙද කියල හැඟීමක් දැනීමක් හෝ සිතුවිල්ලක් වත් එනවද කියන එක ප්‍රශ්නාර්තයක්?
නිදහස් වෘත්තිය පරිසරයක නිදහසේ කාර්ය්ය කිරීම වගේම බාදා කිරීම අවම වෙන්න ඕනෙ . නිදහස් චින්තනයට පාර ඇරල තියෙනවා වගේම ඒකෙ එළියට එන ප්‍රතිඵල වගේම අදහස් කරලියට එන්න මගපාදන්න පුළුවන් වාතාවරණයක් තියෙන්න ඕනෙ. ඒක කරන්න නිදහස්
මනසක් අවශ්‍ය වෙනව.
එහෙම නොවෙන්නෙ ඔය නිදහස පෙබරවාරි 4 ට සීමා උන වෙළඳ නිවාඩු දිනයක් විතරයි.
කටුසටහන
No comments:
Post a Comment