Monday, September 18, 2023

සාර්ථකත්වයේ නිදහස

සම්මත දර්ශකයන් පුද්ගල අදහස් බහුතරයක් පැවතියත් සාර්ථකත්වය හරිම සාපේක්ෂ තත්වයක්,  ඒහෙත් පුහු ආටෝපයන්  හෝ බාහිර අදහස්  නිසා සැබෑ සාර්ථකත්වයට තම චිත්තසන්තානයෙන් ම නිසි ඇගයීමක් නොලැබීම සාර්ථකත්වය හඳුනා ගැනීමත් එය විඳීමටත් ඇති ප්‍රධාන බාදකයක්.  

නිදහසේ සාර්ථකත්වය විඳීමටත් එහි ඵළ නෙලා ගැනීමත් ඇති මෙකී බාධක  ඉවත් කල විට ස්වකීය සාර්ථකත්වයන් ඉතා පහසුවෙන් ලඟා කරගැනීමට හැකිවනු ඇත. 
මුලින් කල යුත්තේ නිදහස අර්ථකථනය කර ගැනීමයි, සාර්ථකත්වයේදී පුද්ගලික නිදහස ඉතා වැදගත් සංඝටකයක්. ඉලක්ක නිශ්චය කිරීම තීරණ ගැනීම මෙන්ම ප්‍රතිඵලයන් හි සාදනීය තත්වය තම අභිප්‍රාය අනුව නිර්ණය කරගැනීමට නිදහස මහෝපකාරී වනු ඇත.
එවිට බාහිර නිර්ණායක ඉතා අඩුවෙන් තමාගේ සාර්ථකත්වයේ මිම්මට අසුවනු ඇත. 
මේ නිදහස බාහිර කරුණු හා නිර්ණායක වෙතත් එක සේ යොමු කිරීම වැදගත්. සාර්ථකත්වය සඳහා අධ්‍යාපනය සිදුවන්නේ එවිටයි. අලුත් අදහස්, ක්‍රමවිධි, උපක්‍රම self freedom, නිදහස් චින්තනයට තවත් දොටටු විවෘත කරනු ඇත. 

නිදහස 

No comments:

Post a Comment