Friday, September 22, 2023

නිදහස

කවුලුවෙන් එහා කෘතීම වනන්තරය, වෘත්තීය පීඩනය යටපත් කරන්න මනෝවිකාර දොඩවන ඔස්තාද්ලගෙ අදහස්. 
කෝ මිනිස්සුන්ට නිදහස, 
දැල් දැම්මෙ නැතිඋනාට,  AC දාල, වටේට වීදුරු ගහල ළඟටම තේ එක ගෙනත් දීල නැති කරල තියන නිදහස, කෘතීම වනාන්තර දිහා බලල ඇහැට සැපක් දීල පිරිමහ ගන්න පුළුවන් ද? 
නැති කරල තියෙන්නේ කායික නිදහස  ( mobility  restriction) විතරක් නෙවෙයි. විවිධාකාර මානයන් ගෙන් මානසික නිදහස නැත්තටම නැති කරල දානවට වඩා බැරෑරුම් විදිහට නිදහසේ පාලනය වෙනත් පුද්ගලයෙක් නැතිනම් පුද්ගල කණ්ඩායමක් විසින් ඉතා සූක්ෂමව අත්පත් කරගෙන. 
ඒක හරිම ලේසියෙන් අපි work stress කියල මග හරින තැනට නොදැනුවත්වම brainwash කරල ඉවරයි. නිදහස මොකද්ද ඒක ඕනෙද කියල හැඟීමක් දැනීමක් හෝ සිතුවිල්ලක් වත් එනවද කියන එක ප්‍රශ්නාර්තයක්? 
නිදහස් වෘත්තිය පරිසරයක නිදහසේ කාර්‍ය්ය කිරීම වගේම බාදා කිරීම අවම වෙන්න ඕනෙ . නිදහස් චින්තනයට පාර ඇරල තියෙනවා වගේම ඒකෙ එළියට එන ප්‍රතිඵල වගේම අදහස් කරලියට එන්න මගපාදන්න පුළුවන් වාතාවරණයක් තියෙන්න ඕනෙ. ඒක කරන්න නිදහස්
මනසක් අවශ්‍ය වෙනව. 
එහෙම නොවෙන්නෙ ඔය නිදහස පෙබරවාරි 4 ට සීමා උන වෙළඳ නිවාඩු දිනයක් විතරයි. 

කටුසටහන  

Monday, September 18, 2023

සාර්ථකත්වයේ නිදහස

සම්මත දර්ශකයන් පුද්ගල අදහස් බහුතරයක් පැවතියත් සාර්ථකත්වය හරිම සාපේක්ෂ තත්වයක්,  ඒහෙත් පුහු ආටෝපයන්  හෝ බාහිර අදහස්  නිසා සැබෑ සාර්ථකත්වයට තම චිත්තසන්තානයෙන් ම නිසි ඇගයීමක් නොලැබීම සාර්ථකත්වය හඳුනා ගැනීමත් එය විඳීමටත් ඇති ප්‍රධාන බාදකයක්.  

නිදහසේ සාර්ථකත්වය විඳීමටත් එහි ඵළ නෙලා ගැනීමත් ඇති මෙකී බාධක  ඉවත් කල විට ස්වකීය සාර්ථකත්වයන් ඉතා පහසුවෙන් ලඟා කරගැනීමට හැකිවනු ඇත. 
මුලින් කල යුත්තේ නිදහස අර්ථකථනය කර ගැනීමයි, සාර්ථකත්වයේදී පුද්ගලික නිදහස ඉතා වැදගත් සංඝටකයක්. ඉලක්ක නිශ්චය කිරීම තීරණ ගැනීම මෙන්ම ප්‍රතිඵලයන් හි සාදනීය තත්වය තම අභිප්‍රාය අනුව නිර්ණය කරගැනීමට නිදහස මහෝපකාරී වනු ඇත.
එවිට බාහිර නිර්ණායක ඉතා අඩුවෙන් තමාගේ සාර්ථකත්වයේ මිම්මට අසුවනු ඇත. 
මේ නිදහස බාහිර කරුණු හා නිර්ණායක වෙතත් එක සේ යොමු කිරීම වැදගත්. සාර්ථකත්වය සඳහා අධ්‍යාපනය සිදුවන්නේ එවිටයි. අලුත් අදහස්, ක්‍රමවිධි, උපක්‍රම self freedom, නිදහස් චින්තනයට තවත් දොටටු විවෘත කරනු ඇත. 

නිදහස