Sunday, August 30, 2020

සමාජ ආර්ථිකය කොයිබටද 2

ආර්ථික ඔස්තාද් මම විසින් ඉදිකිරීම් ක්ශේත්‍රයේ කඩාවැටීම ගැන පසුගිය ලිපියේ සටහන් කලා.
 
අද තියෙන්නෙ සංචාරක හා බැංකු යන සේවා ක්ශේත්‍රයේ මගේ විග්‍රහය ඉදිරිපත් කරන්නයි.

කලින් සඳහන් කලා වගේම 2009 න් පසුව සේවා ක්ශේත්‍රයේ ඉතා සීග්‍ර දියුණුවක් සිදුවෙනව, දේශිය වෙළඳපොලේ මුදල් සංසරණය නිසා ආර්ථික දියුණුවක් හා සමාජය ඒ වටා එක්වීමත් ඒ මත රඳාපැවතීමත් පසුගිය වකවානුවේ වූ විවිශේෂත්වයකි. 

හෝටල්, කෑම කඩ, බැංකු හා ලීසිං ආයතන, අනෙක් සේවා ස්ථාන මේ අංශයේ ප්‍රධාන කොකොටස්කරුවෝ වෙත්. හේතුව මේවා එකිනෙකට සම්බන්ධ බැවිනි, 

බැංකු පොඩි වෙනසක් වන්නේ 2014 න් පසුව සිදුවන මූල්‍ය පසුබෑම හා ඉදිකිරීම් ක්ශේත්‍රයේ සිදුවූ පසුබෑම් නිසා බැංකු මගින් අයෝජනය හා ණය සීමා කිරීම නිසා තවදුරටත් මූල්‍ය අර්බුදය තීව්‍රර කරන්න මූලික දායකත්වයක් දක්වන ලදී. 
බැංකු තුල මුදල් ගොඩ ගැසුණු අතර වෙළඳපොලේ මුදල් හිඟවීම ටිකටික ආරම්භ විය. එය සෑම අංශයකටම බලපෑම් කලද එතරම් සමාජ ආර්ථිකය ට දැනුනාද යන්න ගැටළුවක් විය, ඒ අනෙක් ක්ශේත්‍ර වලින් තිබුණු තල්ලුවක් වෙන්නෙ පුළුවන්, කොහොමටත් මේ වෙන විට බැංකු සල්ලි ගොඩගැහිල කරගන්න දෙයක් නැතුව හිරවෙලා හිටියෙ මොකද සල්ලි එලියට දුන්නොත් තමයි ඒ අයට ආදායම් උපයන්න පුළුවන්, CCOVID 19 නිසා බැංකු නන්නත්තාර වන්නේ ගත්ත සොච්චමත් මිනිස්සු නොගෙවා ඉදීමත් වෙළඳපොලේ මුදල් අවශ්‍යතා අඩුවීම නිසයි.
අනෙක් මූල්‍ය අංශයේ තත්ත්වය මීට දෙවෙනි නොවේ! 

සංචාරක ක්ශේත්‍රයේ ප්‍රබෝධය 2009 න් පසුව රටේ අස්සක් මුල්ලක් නෑර දක්නට ලැබිණි. 2014 න් පසුව එය තවත් තීව්‍රර විය, 
2019 Easter attack සංචාරක ක්ශේත්‍රයේ මරුපහර එල්ල වූ තැන විය බිස්මාක් යුධ නැවට එල්ල වූ ටෝපිඩෝ ප්‍රහාරය මෙන් සංචාරක කර්මාන්තය එක තැන කරකැවීමට ඒ සිද්දියට හැකිවිණි. 
එහෙත් ඉතා ඉක්මනින් නැවත සංචාරක ක්ශේත්‍රයට ඔලුව උස්සන්න පුළුවන් උනත් සිදුවූ පාඩුව ගොඩදාගන්න තව අවුරුදු 2ක් යන සේයාවන් පිළිඹිබු විය, 2020 පෙබරවාරි සිට මෙරටට සැපත් වූ COVID 19 නැව ගිල්ලා දාන අවසාන ප්‍රහාරය දියත් විය, සංචාරක හා ඒ සම්බන්ධ සියළුම අංශ අකර්මණ්‍ය කල මේ තත්ත්වය අවසන් වන දිනයක් මේ මෑත අනාගතයේ පෙනෙන්නට නැත, 
සමාජ ආර්ථිකය යාන්තමින් එල්ලිලා තියෙන්න තිබූ සේවා අංශය දැන් සම්පූර්ණයෙන්ම අකර්මණ්‍ය වී ඇත, 2019 සිදුවීම නිසා වූ කඩාවැටීම නැවත හරිගස්සන්න කල් වෙලා නොලැබීම නිසා COVID 19 නිසා සමාජ ආර්ථිකය නැවතීම සිදුවිය. 
දේශීය සංචාරකයන් හා දේශීය සේවා මගින් පොඩි කාලයක් අල්ලගෙන යන්න පුළුවන් වුවත් වැඩිකල් යන්න ඒක පිටිවහලක් නොවේ. 
ඒ ප්‍රතිඵලයක් විදිහට සේවා ක්ශේත්‍රයේ දැනට එළියට වැටුණු සේවකයිනට අමතරව ආයතනද කඩාවැටී වසා දැමීම සුලබ සංසිද්ධියක් බවට හෙට අනිද්දා සිට පත්වනු නොඅනුමාය. 

ඒකට අපි හැමෝටම ලෑස්ති වෙන්න වෙනව,  හේතුව මේ සමාජ ආර්ථිකය හැම ක්ශේත්‍රයක්ම සම්බන්ධ නිසා. 

Thursday, August 27, 2020

සමාජ ආර්ථිකය කොයිබටද

ආර්ථික විද්‍යා හෝ සමාජ විද්‍යා පිලිබඳව විශේෂඤ්ඤ දැනුමක් හෝ පරිපූර්ණ දත්තයන් මත පදනම් නොවූ මේ විග්‍රහය තවත එක් පල් හෑල්ලක් වීමට ඉඩඇතත්, පුරවැසියෙක් විදිහට මට පෙනෙන අයුරින් අදහස් ඉදිරිපත් කිරීමට ගත් එක් උත්සාහයකි මේ. නුවණැත්තෝ නුවණින් දකිනුමැනවි.

2009 වර්ශයේ සමාජයේ ඇතිවූ පෙරලියත් සාමකාමී පරිසරයත් ඉන පසු රාජ්‍ය ප්‍රතිපත්ති දිශානතීනට අනුව රටේ ආර්ථිකය සේවා මත පදනම්ව දියුණු වීමට අඩිතාලම වැටී වර්ධනයේ හිණිපෙත්තටම 2014 වර්ශය වනවිට ලඟාවෙමින් පැපැවතිණි. එය සමාජ දර්ශක (social indicators)  මගින්ද දර්ශනය විය.

මෙහි ප්‍රධාන අංශ 3 ක් දැකියහැකිය
1. ඉදිකිරීම් හා නඩත්තු සේවා
2. සංචාරක කා ආර්ථික සේවා 
3. වෙලඳාම ( trading) 

ඉදිකිරීම් හා ඊට සම්බන්ධ සේවාවන් ඉතා සීග්‍රයෙන් වර්ධනය මෙන්ම ව්‍යාප්තවීමද විවිධ ව්‍යපෘතීන ආරම්භය මෙන්ම ඉදිකිරීම් මගින්ද මනාව පැහැදිලි වේ. මේ අතර තුර සිදුවූ දෙයක් වන්නේ චීන ඉදිකිරීම් සමාගම් හා සේවා සපයන්නන්ගේ ආගමනයයි, එය නොදැනුවත්ව සිදුවුනත් ඉදිකිරීම් ක්ශේත්‍රයේ සෑම ලොකු කුඩා අස්සක් මුල්ලක් නෑරම මුල් දුවා 2014 අග වනවිට දේශීය ව්‍යවසායකත්වය අන්දුං කුන්දුං කරන තත්වයට පත්ව පැවතිනි. ඒ තත්වය හරිහැටි හඳුනා ගැනීමටත් ඊට ප්‍රතිචාර දැක්වීම තිබූ නොහැකියාවත් නිසා සමස්ත දේශීය ඉදිකිරීම් ක්ශේත්‍රයේ නියැලී සිටි සේවකයන් හා ව්‍යවසායකයන් අංශබාගයෙන් (paralyzed ) පෙලීමට කෙමෙන් කෙමෙන් සිදුවිය.
ලෙඩා මැරෙන්න වැටෙන්නේ ඊට පසුව සිද්දවෙන ආණ්ඩු මාරුවත් සමගයි. කිරිදත වගේ එල්ලිලා තිබුණු ඉදිකිරීම් අංශය ගැලවී වැටෙන්නේ කොන්ත්‍රාත්කරුවන් කටමුලටම හිර කරමිනි. තැන තැන නවතින ගොඩ නැගීම් නොමැතිකමින් සේවකයන් එලියට විසිවන්නේ බුරුත පිටිනි. අද තිබුණු කොම්පැනිය හෙට බංකොලොත් බාවයට පත්ව තිබීම සාමාන්‍ය දෛනික සුලබ සිදුවීමකි. 
මේ අතරේ චීන සමාගම් තම බලය පතුරුවන්නෙ ආර්ථික හැකියාව හා තාක්ෂණික හැකියාව යන දෙඅංශයේම ප්‍රවර්ධනයෙනි. පොඩි පොඩි වැඩ වලසිටම ලොකු ලොකු වැඩ අත්පත් කරගනිමින් ගිය ගමනේ ඉතිරි වූයේ අකර්මණ්‍ය වූ දේශීය කොන්ත්‍රාත්කරුවන් හා සේවකයන් පමනි
දැන් නව රජයක් බලයට පත්ව ඇත, මේ කෝවිඩ් 19 සමග සමාජය බරපතළ පෙරළියකට ලක්ව  ඇත, දේශීය මෙන්ම ලෝක ආර්ථිකය උඩුයටිකුරු වී ඇති අවස්ථාවක විනාශ  වූ ඉදිකිරීම් අංශයට වැඩි බලපෑමක් එල්ල නොවන බවක් පෙනෙන්නට තිබේ. 
මගේ හැඟීමේ හැටියට කොවිඩ් 19 සමාජ පරිවර්තනය ඉදිකිරීම් අංශය ට නව ආරම්යක් සඳහා පාර කපා ඇත. 

ඉතිරි කොටස් පසුවට